Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දශක දෙකකට පසු ජර්මන් යුද නැවක් දකුණු චීන මුහුදට

දකුණු චීන මුහුද ආශ්‍රිතව හටගෙන තිබෙන නොසන්සුන්තාවය වර්ධනය කරමින් දශක දෙකකට පමණ පසු ජර්මනිය ද එම කලාපයට සිය යුද නෞකාවක් පිටත් කර යවා තිබෙනවා...


දකුණු චීන මුහුද ආශ්‍රිතව හටගෙන තිබෙන නොසන්සුන්තාවය වර්ධනය කරමින් දශක දෙකකට පමණ පසු ජර්මනිය ද එම කලාපයට සිය යුද නෞකාවක් පිටත් කර යවා තිබෙනවා.


ඒ අනුව  පැසිෆික් කලාපයේ බලය ප්‍රදර්ශනය කිරීමෙි මෙහෙයුම්වල නිරත ඇමරිකාව ,බ්‍රිතාන්‍යය , ප්‍රංශය,ජපානය ,ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණු කොරියාව යන රටවල් අතරට ජර්මනිය ද එක්වනු ඇති.


මෙම රටවල් ප්‍රමුඛ බටහිර රටවල ප්‍රබල චෝදනාවක් වන්නේ චීනය, දකුණු චීන මුහුදේ අන්තර්ජාතික නාවික ගමනාගමනයට බාධා ඇති කරමින් කෘතිම දූපත්, හමුදා මධ්‍යස්ථාන ඉදිකරමින් සිටින බවයි.


මෙි හරහා චීනය විසින් පොදුවෙි භාවිතයට ගත යුතු  තෙල්, සහ මත්ස්‍ය සම්පත ඇතුලු සමුද්‍ර සම්පත්  සූරාකන බවට  ජපානය,පිලිපීනය ,වියට්නාමය ,දකුණු කොරියාව වැනි කලාපීය රටවල් ද චෝදනා එල්ල කරනවා.


මෙම තත්වය තුළ රටවල් ගණනාවක් දකුණු චීන මුහුදේ චීන බලයට අභි⁣යෝග කිරීම සදහා සිය යුද නෞකා කලාපයේ අන්තර්ජාතික නාවික ගමන් මාර්ග හරහා නිරතුරුව යාත්‍රා කරවීමෙි මෙහෙයුම් සිදුකරනවා.


ඊට අමතරව මෙම රටවල් තායිවානය ආශ්‍රිත මුහුදේ නිරතුරැව විවිධ ඒකාබද්ධ යුද අභ්‍යාස ද සිදුකරන බව සදහන්.


මෙතෙක්,ජර්මනිය මේ සදහා සක්‍රීයව සම්බන්ධ නොවුණු අතර, ⁣එම ප්‍රතිපත්තිය වෙනස් කරමින් ජර්මනිය ද මෙලෙස අදාළ මෙහෙයුම්වල පාර්ශවකරැවකුවීම විශේෂත්වයක්.


යුරෝපා කලාපයේ චීනයේ ප්‍රධානතම වෙළද හා ආර්ථික ගනුදෙනුකරු වූ ජර්මනියේ මෙම තීරණය දෙරට අතර සබදතාවල හැරවුම් ලක්ෂයක් බවද විදෙස් විචාරකයන් සදහන් කරනවා

nethnews

No comments

Ads Place