Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැබිනට් සංශෝධනය කලේ පවිත‍්‍රා ඉවත් කරන්නයි… අසාර්ථක හමුදාපතිත් ඉවත් කල යුතුයි..

  ආණ්ඩුව විසින් හදිසියේම කැබිනට් සංශෝධනයක් සිදු කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි එම ධුරයෙන් ඉවත් කිරීම ඉලක්ක කර බව ජනතා විමුක්ති පෙරම...

 


ආණ්ඩුව විසින් හදිසියේම කැබිනට් සංශෝධනයක් සිදු කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි එම ධුරයෙන් ඉවත් කිරීම ඉලක්ක කර බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරිය කොරෝනා මර්ධන ක්‍රියාවලියේ අසමත් බව පෙන්වමින් ඇය ඉවත්කර තිබුනද කොරෝනා මර්ධනයට අදාළ තීරණ ගන්නා කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හමුදාපතිවරයා හෝ තොරතුරු සපයන බුද්ධි අංශ ප්‍රධානීන්ගේ තනතුරු කිසිම වෙනසක් නොවී ඇති බවයි.

කොරෝනා වසංගතය දෙවියන්ට බාර දීමට සිදු වනු ඇතැයි දින දෙකකට පෙර කී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සෞඛ්‍ය ඇමතිකම දීම එක පැත්තකින් විහිළුවක් වී ඇති බව ද ඔහු පැවසීය.

කොරෝනා රැල්ලක් එන විට ආණ්ඩුව සිදුකළේ කොරෝනා මර්දනයේ සිටි ඉහළ නිලධාරීන් ඉවත් කිරීම බවත් ඔහු චෝදනා කරයි.

අද වන විට රටේ කොරෝනා මරණ 6000 ඉක්මන විට කොරෝනා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් ඉතා හොඳින් ඔවුන්ගේ තනතුර දරා සිටින බව ඔහු තවදුරටත් කියා සිටියේය.

lankacnews

No comments

Ads Place