Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සේනාධිපතිගේ හඬපට බොරුවක්.. දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි.. බිලියන දෙකක් ඉල්ලා සේනාධිපතිට නඩු දමයි…

  අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිප...


 අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදය සංස්කරණය කරන ලද්දක් බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව තහවුරු කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

අදාල සංවාදය හේතුවෙන් වික්‍රමසිංහ මහත්මිය ගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යැවීමට ලක් කරනු ලැබ තිබින.

මෙම තත්ත්වය මත එම වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කරන ලෙසත් වහා රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවසර දෙන ලෙසත් දන්වා ඇත.

මේ අතර තමනට මෙම හඬ පට සිදුවීම නිසා සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන්නැයි දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සේනාධිපති මහතා වෙත එන්තරවාසි ලිපියක් යවා තිබේ.

සන්ඩේ ටයිම්ස් වාර්තාව මෙතනින්

lankacnews

No comments

Ads Place