Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මැඩලන්න ඇමති පියල්ගෙන් පරිත්‍යාගයක්.

  කෝවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ආසාදිතයන්ගේ සහ රෝහල් කාර්යය මණ්ඩලයේ ජීවිත සුරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියනයකට ...

 


කෝවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ආසාදිතයන්ගේ සහ රෝහල් කාර්යය මණ්ඩලයේ ජීවිත සුරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ශ්වසන ආධාරක යන්ත්‍ර (ventilators) 2ක් සහ K95 මුව ආවරණ තොගයක් කළුතර නාගොඩ මහ රෝහල වෙත පරිත්‍යාග කිරීම අගෝස්තු 27 වන දින කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අතින් සිදුවිය.

කෝවිඩ් 19 වෛරසයේ විකෘති ප්‍රභේද වල ව්‍යාප්තියත් සමඟ ශ්වසන අපහසුතා සහිත රෝගීන් අධික ලෙස වාර්තා වීම හේතුවෙන් ශ්වසන ආධාරක යන්ත්‍ර වල අවශ්‍යතාවය සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධාරණය කරමින් සිටිති. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සිදු කළ ඉල්ලීමක් පරිදි ඔහුගේ හිතවතෙක් වන ආචාර්ය අසේල වික්‍රමසිංහ මහතා විසින් මෙම උපකරණ ඔහු වෙත සපයා දී තිබුණි. එම සියලු උපකරණ කළුතර නාගොඩ මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂකතුමන් වෙත අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා විසින් බාර දෙනු ලැබුවේය. මෙහිදී අදහස් දැක්වූ පියල් නිශාන්ත සිල්වා මහතා කියා සිටියේ ආචාර්ය අසේල වික්‍රමසිංහ මහතා හට තමා විශේෂ ස්තූතියක් පිරිනමන බවයි.

“මහජන නියෝජිතයන් විදිහට අපේ යුතුකම හා වගකීම වෙන්නේ මේ මොහොතේ දී මහජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වීමයි. මම හිතනවා මේ වෙන්ටිලේටර් යන්ත්‍ර දෙක බොහෝ දෙනකුගේ ජීවිත ආරක්ෂාවට හේතු වේවි කියලා. විවිධ පාර්ශව වල උදව් සහිතව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ පටන්ම අපි මහජන සුබසාධනය වෙනුවෙන් මැදිහත් වුණා. කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ විහාරස්ථාන, රාජ්‍ය සේවකයින් වගේම වසංගතය නිසා පීඩාවට පත්වූ මහජනතාව වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කළා. ඒ වගේම අපේ අමාත්‍යංශය හරහා වසංගතය සමයේ දරුවන් සහ කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළා. ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න සැලසුම් සකස් කරලා තියනවා. පක්ෂ පාට විදිහට බෙදිලා වෙන්වෙලා මේ වසංගතයට අපිට මුහුණ දෙන්න බෑ. මනුෂ්‍යත්වය පෙරදැරිව එකිනෙකාට උදව් කර ගැනීම තුළින් පමණයි අපිට රටක් විදියට මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නේ.” යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදානය කරන ලද මුව ආවරණ තොගය කළුතර නාගොඩ මහ රෝහලේ කාර්යය මණ්ඩලයේ භාවිතය සඳහා යොදාගන්නා බවත්, වෙන්ටිලේටර් යන්ත්‍ර දෙක අවශ්‍යතාවය පරිදි දිස්ත්‍රික්කය තුල කෝවිඩ් ප්‍රතිකාර සිදිකරනු ලබන රෝහල් වෙත බෙදාදීමට කටයුතු කරන බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මෙහිදී පැවසීය. මෙම අවස්ථාවට කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ ප්‍රදීප් රත්නසේකර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චින්තා ගුණරත්න මහත්මිය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ තමර කළුබෝවිල මහතා, බේරුවල ප්‍රාදේශීය සභා සභාපති මේනක විමලරත්න මහතා, අමාත්‍ය තුමාගේ කළුතර ආසනයේ සම්බන්ධීකාරක අසන්ත සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

lankacnews

No comments

Ads Place