Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෞද්ගලික අංශයේ පී සී.ආර් - ඇන්ටිජන් සඳහා උපරිම මිලක්

  කොවිඩ්’ රෝගීන් හඳුනාගැනීම සඳහා යොදාගන්නා පී.සී.ආර්. පරීක්‍ෂණයක උපරිම ගාස්තුව රුපියල් 6500ක් ද, ඇන්ටිජන් පරීක්‍ෂාවක උපරිම ගාස්තුව රුපියල් 2...

 


කොවිඩ්’ රෝගීන් හඳුනාගැනීම සඳහා යොදාගන්නා පී.සී.ආර්. පරීක්‍ෂණයක උපරිම ගාස්තුව රුපියල් 6500ක් ද, ඇන්ටිජන් පරීක්‍ෂාවක උපරිම ගාස්තුව රුපියල් 2,000ක් ද, ලෙස පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා උපරිම මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.


මෙම උපරිම මිල නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. පෞද්ගලික රෝහල් මේ වන විට පී.සී.ආර්. පරීක්‍ෂණයක් සඳහා රුපියල් 8000 මුදලක් ද, ඇන්ටිජන් පරීක්‍ෂාවකට රුපියල් 2500 සිට 3000 දක්වා මුදලක් අය කරයි.


මෙම තත්වය පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණි පිළිබඳව අවදානය යොමු කරමින් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතාගේ මැදිහත් වීමෙන් මෙම උපරිම මිල නියම කර තිබේ.

lankadeepa news paper

No comments

Ads Place