Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත්කරණයට වඩා ඩෙල්ටා වේගවත්.. රට ඉතා භයානක තැනක.. රට වසා දැමිය යුතුයි…

  අද වන විට රට ඉතාම භයානක තත්වයකට පත්වී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි. මේ අවස්ථාව රටක්...


 අද වන විට රට ඉතාම භයානක තත්වයකට පත්වී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

මේ අවස්ථාව රටක් ලෙස අප මුහුණදෙන ඉතාම බිහිසුණු අවස්ථාව බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ වන විට එන්නත් කරණය සිදුකරනවාට වඩා වැඩි වේගයකින් ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ මොහොතේ රට වසා දැමීම තමන් පෞද්ගලිකව කල්පනා කරන බවද ඒ මහතා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place