Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිවයිනේ සියලුම ප්‍රදේශයන්හි පස් පරීක්ෂා කිරීමේ කටයුතු ඇරඹේ

  දිවයින පුරා සියලුම ප්‍රදේශයන්හි කුඹුරුවල පස පරීක්ෂා කිරීමේ කටයුතු ඉදිරි දිනවලදී සිදු කෙරෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අධ්...

 


දිවයින පුරා සියලුම ප්‍රදේශයන්හි කුඹුරුවල පස පරීක්ෂා කිරීමේ කටයුතු ඉදිරි දිනවලදී සිදු කෙරෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ මෙහි නියමු ව්‍යාපෘතිය අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බවයි. එක් එක් ප්‍රදේශයන්හි පසේ පවතින පෝෂක ප්‍රමාණය මත කාබනික පොහොර යෙදීම සඳහා නිර්දේශයන් ලබාදීම එහිදී සිදු කෙරෙන බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයන් අනුව රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් ම අත්හිටුවා ඇති බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ. පසුගියදා පොහොර ආනයනය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය මඟින් අවසර හිමිවන්නේ කාබනික සම්භවයක් සහිත ස්වභාවික පොහොර වර්ග ගෙන්වීමට පමණක් බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නා. එයද ආයතන කිහිපයක දැඩි නියාමනයක් යටතේ සිදු කෙරෙන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.    

nethnews

No comments

Ads Place