Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සායනික ඔක්සිජන් නිපදවන යන්ත්‍ර 14 ක් ආනයනයට පියවර

  රෝහල් තුළ දෛනික ඔක්සිජන් භාවිතය වැඩිවීමත් සමග සායනික ඔක්සින් නිපදවිය හැකි යන්ත්‍ර ආනයනය කිරීම කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනව...

 


රෝහල් තුළ දෛනික ඔක්සිජන් භාවිතය වැඩිවීමත් සමග සායනික ඔක්සින් නිපදවිය හැකි යන්ත්‍ර ආනයනය කිරීම කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. 


පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් සායනික ඔක්සිජන් නිපදවිය හැකි යන්ත්‍ර 14ක් ඇනවුම් කර ඇති බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසුවේ.


ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව වැඩී වීමත් සමග ඊට අවශ්‍ය උපකරණවල හිගයක්ද මතුවි ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


තවත් සායනික ඔක්සිජන් ටොන් කිහිපයක් මේ වන විට ඇනවුම් කර තිබෙනවා.


ඒවා රැගත් නෞකා මෙම සති අන්තයේදී දිවයිනට ළඟා වීමට නියමිත බවයි ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය  සමන් රත්නායක සදහන් කළේ. 


පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සතියකට ඔක්සිජන් ටොන් 300 බැගින් ආනයනය කිරීමට තිරණය කර ඇති බවද ඔහු සදහන් කළා.

nethnews

No comments

Ads Place