Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදාදා සිට රටපුරා විශේෂ නිරෝධායන මෙහෙයුමක්

  එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සැලකිල්ලට ගනිමින් ලබන බදාදා සිට රටපුරා විශේෂ නිරෝධායන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. ඊයේ දිනයේ ස...

 


එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සැලකිල්ලට ගනිමින් ලබන බදාදා සිට රටපුරා විශේෂ නිරෝධායන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.


ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 245 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


මේ අතර කොළඹ වරාය නගර පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ චීන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


එම චීන ජාතිකයා වරාය නගරය ආසන්න අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුකරන ආයතනයක සේවය කරන අයෙකු වන අතර ඔහු විසින් තවත් පුද්ගලයන් සිව් දෙනෙකු වරාය නගරයට ඇතුල්කිරීමට උත්සාහ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

netrhnews

No comments

Ads Place