Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැරිය මිය යාම : බදියුදීන් දෙස පොලිස් ඇස.. ප‍්‍රශ්න කරයි..

  මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රිෂාඞ් බදියුදී...


 මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරන බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කරමින් සිටින හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගෙන් මියගිය දැරිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති බැවින් ඉදිරියේදී එම ප‍්‍රකාශය සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී පොලීසිය බී වාර්තාවක් මගින් එලෙස අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි හිටපු අමාත්‍යවරයාට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 17 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූ අතර දින 08කට පසු ඊයේ නැවතත් ඔහු එම දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.

කොළඹ ජාතික රෝහලේ 55 වන වාට්ටුවට ඇතුළත් කෙරුණු රිෂාඞ් බදුර්දීන් මහතාට වෛද්‍ය නිර්දේශ මත ලබා දුන් ඖෂධ ලබානොගෙන හොර රහසේ ඉවතට විසිකර දමා ඇති බවට කරුණු හෙළි වී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

lankacnews

No comments

Ads Place