Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාර නිලධාරියෙකු මත්කුඩු සමග අත්අඩංගුවට…

  අලුත්ගම කලුවාමෝදර සීලානන්ද පාර ප්‍රදේශයේ ලැගුම් හලක් තුළ සිටි බන්ධනාගාර නිලධාරියකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10750සහලැගුම්හල් හිමිකරු ...

 


අලුත්ගම කලුවාමෝදර සීලානන්ද පාර ප්‍රදේශයේ ලැගුම් හලක් තුළ සිටි බන්ධනාගාර නිලධාරියකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10750සහලැගුම්හල් හිමිකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1870ක් සමඟ හෙරොයින් මිලිග්‍රෑම්4300ක් සන්තකේ තිබී 30 පස්වරුවේ අලූත්ගම පොලිසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව කියයි.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරියා කළුතර ජාවත්ත බන්ධනාගාරයේ සේවය නියුතු අම්බලන්ගොඩ කලුවඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව විමර්ශන සිදුකරන පොලීසිය කියයි.

මෙම ලැගුම්හල වැටලීමට සුළු මොහොතකට පෙර ඒ ආසන්නයේ සිටි සැකකාර පුද්ගලයකු පරික්ෂා කිරීමේදී එම සැකකරු සන්තකයේ ද තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4170 සමඟ එම පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි. එම සැකකරු පයාගල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි අයකු බව හඳුනා හඳුනාගෙන තිබේ .

අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වන බව කියයි .

පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත්තේ මෙම ලැගුම්හල් හිමිකරු කලක පටන් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන්නෙකු ද යන්න පරීක්ෂණ සිදුකරන බවයි. ලැගුම්හල හිමිකාර සැකකරු මෙයට පෙරද මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් වරදකට සහ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබුවකු බවයි.

බන්ධනාගාර නිලධාරියා මෙම ලැගුම්හලට නිතර විතර පැමිණ ඇති ආයෙත් ද යන්න විමර්ශන සිදුකරන බවත් ,ඔහු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුවත් කර බවත් පොලිසිය කියයි .

එම ලැගුම්හල ආසන්නයේ සිටියදී අයිස් මත්ද්‍රව්‍ය සමග අසූ සැකකරු ට මත්ද්‍රව්‍ය ලැබුණේ එම ලැගුම්හල තුළින්ද යන්න විමර්ශන කරන බව එම නිලධාරීන් කියයි . අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරියා ඇතුළු සැකකරුවන් වයස40,42,සහ36 වයස්වල පසුවන්නන් වේ.

අත්අඩංගුවේ පසුවන මෙම සැකකරුවන් ජූලි මස පළමුවන දින කළුතර බන්ධනාගාරයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

lankacnews

No comments

Ads Place