Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මා කීවේ ගුරුවරුන් දෙවිවරුන් කියායි.. කාලකණ්නින් කියා නොවේ.. සුළු පිරිසක් එක්ක ගණුදෙනු බේරගන්නවා..

  තමන් කළ කතාවේ කොටසක් ගෙන එය සංස්කරණය කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති කිරීම සඳහා කරනු ලබන පහත් ක්‍රියාවලින් අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු ව...

 


තමන් කළ කතාවේ කොටසක් ගෙන එය සංස්කරණය කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති කිරීම සඳහා කරනු ලබන පහත් ක්‍රියාවලින් අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වන තමන් කිසිවිටෙකත් සැලෙන්නේ නැති ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

මධ්‍යම පළාත් කෝවිඩ් මර්දන කමිටු රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රඹුක්වැල්ල ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

දෙවිවරුන් වැනි ගුරුවරුන් යනුවෙන් තමන් කළ ප්‍රකාශය තුළ තිබූ කොටස සම්පූර්ණයෙන්ම ඉවත්කර වෙනත් අදහසක් ඉස්මතු වන සේ එය සංස්කරණය කරමින් ප්‍රචාරය කෙරුණු බවත් එය ඉතාමත්ව පහත් මට්ටමේ ක්‍රියාවක් බවත් ඔහු පැවැසීය.

“අධ්‍යාපනය හෑල්ලුවට ලක්කරලා තිබෙන්නේ ආණ්ඩුව නෙවෙයි. හතළිස් තුන් ලක්ෂයක් දරුවෝ බිත්තියට හේත්තු කරලා අපිට මේක දියව් අරක දියව් කියනවා. ඒවා දුන්නේ නැත්නම් අපි ළමයින්ට උගන්වන්නේ නැහැ කියලා කිහිප දෙනෙක් කරන මෙහෙයුම සාධාරණද? දරුවන්ට අධ්‍යාපනය දෙන්න ආණ්ඩුව ගන්න ඕන පියවර ගන්නවා.

පාලක පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ සහ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව කටයුතු කරන සුළු පිරිසක් ඉන්නවා. ඒ අය එක්ක අපිට ඒ ගනුදෙනුව වෙනම බේරගන්න වෙනවා.

ගුරු ප්‍රජාවට කොවිඩ් එන්නත ලබා දෙමින් තිබෙනවා. පාසැල් අනධ්‍යන සේවක මණ්ඩලයට දෙනවා. විශ්ව විද්‍යාල සියල්ලට එන්නත ලබා දුන්නා.මෙහි සාධනීය පැත්ත බලන්න.තමන් කඩා වැටිලා ඉන්න අය බංකොලොත් බව වහගන්න නොයෙක් දේවල් කියනවා.

සංකීරණ වැඩපිළිළෙක පුංචි අඩුපාඩු දෙක තුනක් අල්ලගෙන මහා විප්ලවයක් කරන්න වගේ කෑගහන අය සම්බන්ධව ජනතාව තේරුම් අරගෙන තිබෙන්නේ.හතර පාරක් පස්පාරක් අගමැති වූ රනිල් අද දේශපාලන අතින් කොහිද ඉන්නේ කියලා ජනතාව තීන්දු කරලා තියෙනවා.ජනතාවගේ තක්සේරුව එයට වලංගු කරනවා.”

lankacnews

No comments

Ads Place