Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත ලබා නොගත් කොළඹ ජනතාවට යුද හමුදාපතිගෙන් දැනුම් දීමක්

කෙරෝනා මර්දන එන්නත් මෙතෙක් ලබානොගත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ළගම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයට කඩිනමින් පැමිණ එන්නත ලබාගන්නා ලෙස යුද හමුදාප...


කෙරෝනා මර්දන එන්නත් මෙතෙක් ලබානොගත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ළගම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයට කඩිනමින් පැමිණ එන්නත ලබාගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ වනවිට එන්නත්කරණ වැඩසටහන වේගවත්ව සිදුකරන බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.


ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු හදුනා ගැණුනා. ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 438 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. ආසාදිතයින් 364 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 138 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වුණා.


ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 93,113ක් දක්වා ඉහල ගියා. කෙසේවෙතත් ඉන් පුද්ගලයින් දෙලක්ෂ 65,708 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 23,446 පමණක් බවයි ප්‍රකාශ කෙරුණේ. ඉකුත් 22වනදා මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 43ක් සමගින් මෙරටදී සිදු වු කොරෝනා මරණ සංඛ්‍යාව 4,002ක් දක්වා ඉහල ගියා. 


මේ අතර දිවයින පුරා නිරෝධායන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ දිනයේද නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 121 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. නිරෝධායන රීති උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද දිනයේ පොලිස් නිලධාරීන් 10,000ක් පමණ යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

nethnews

No comments

Ads Place