Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහල් වැසිකිලියේ සිට බදියුදීන් හොර වැඩක.. පොලිසියට මාට්ටුයි..

  දින කිහිපයක් රෝහල්ගතව සිටි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රෝහලේ සිටිය දී සිදුකරන ලද රහසිගත ක්‍රියාවක්ලි පොලිස...

 


දින කිහිපයක් රෝහල්ගතව සිටි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රෝහලේ සිටිය දී සිදුකරන ලද රහසිගත ක්‍රියාවක්ලි පොලිසිය විසින් හෙලිකරගෙන තිබේ.

වෛද්‍යවරුන් විසින් ඔහුට නිර්දේශ කරන ලද ඖෂධ වර්ග පානය නොකර කොලයක ඔතාගෙන වැසිකිළියට ගොස් විසිකර දමනු පොලිස් නිලධාරීන් විසින් හෙළිදරව් කරගෙන ඇත.

මන්ත‍්‍රීවරයා වැසිකිළියේ කවුළුවකින් එසේ කොළයක ඔතන ලද ඖෂධ විසිකර දමා ඇති අතර ඒවා පොලිස් නිලධාරීන් විසින් වෛද්‍වරුනට පෙන්වීමෙන් තහවුරු කර ගෙන ඇත්තේ ඒවා මන්ත්‍රීවරයා වෙත නිර්දේශ කර ඇති ඖෂධ බවයි.

මන්ත‍්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී රෝගී තත්ත්වයක් ඇති බව පැවසීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබීය.

ඔහු රෝහල්ගත කරන ලද්දේ ඔහුගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරියක් ගිනිගැනීමකින් රෝහල්ගතව මිය ගිය දින දිනයේදීම ය.

රෝහල්ගත වූ මන්ත්‍රීවරයා තමනට පෞද්ගලික රෝහලක හෝ ගෙවන වාට්ටුවක නැවතීමේ පහසුකම් ඉල්ලා සිට ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර තිබේ.

අද පස්වරුවේ මන්ත්‍රීවරයා නැවතත් රෝහලේ සිට රහස් පොලිසියට ගෙන යෑමට වෛද්‍යවරුන් විසින් අවසර ලබාදී තිබිණි.

lankacnews

No comments

Ads Place