Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රිකට් බලධාරීන් සහ ජනපති අතර සාකච්ජාවට සිදුවූ දේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාව කල් දමා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල්...


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාව කල් දමා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර සිටිනවා.


" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍යාංශය සමග එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීමට කැපවී සිටින බවයි" ක්‍රීඩා අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ විසින් නිකුත් කර ඇති ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් ව ඇත්තේ.


මීට පෙර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබු බවයි. 


පාසලේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වන කෙටිකාලීන හා දිගු කාලීන උපාය මාර්ග පිළිබඳව ජනාධිපතිවරයා එහිදී දැනුවත් කරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.


ක්‍රීඩාවේ දියුණුව සඳහා වන අවශ්‍යතා සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ජාවේදී අවදානය යොමු කිරීමට නියමිතව තිබු බවයි අද උදෑසන ට්විටර් සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර සිටියේ.

nethnews


No comments

Ads Place