Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔන්ලයින් නිසා දරුවන් අසභ්‍ය දර්ශන නැරඹීමේ ප්‍රවණතාවක්!

  ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ජංගම දුරකථන සහ පරිගණක භාවිතය සමග පාසල් සිසුන් අන්තර්ජාලය තුලින් අසභ්‍ය දර්ශන නැරඹීමේ සහ සයිබර් අපරාධ වලට ගොදුරුවීම...

 


ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ජංගම දුරකථන සහ පරිගණක භාවිතය සමග පාසල් සිසුන් අන්තර්ජාලය තුලින් අසභ්‍ය දර්ශන නැරඹීමේ සහ සයිබර් අපරාධ වලට ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.


එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ එවැනි සිදුවීම් 8,700ක් පමණ එම ආයතනය වෙත වාර්තා වී ඇති බවයි.


ෆේස්බුක්, මැසෙන්ජ්ර්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ ඇතුළු සමාජ මාධ්‍ය තුළ පවතින ගෲප් හෙවත් මිතුරු සමූහයන් තුළින් මෙලෙස අසභ්‍ය දර්ශන ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙනවා.


ඔවුන් පවසන්නේ නව තාක්ෂණික මෘදුකාංග භාවිතා කරමින් කුඩා දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා භාවිතා කරන ජංගම දුරකථන සහ පරිගණක පාලනය කිරීමටත් ඒවා අධීක්ෂණය කිරීමටත් දෙමව්පියන් අවධානය යොමු කල යුතු බවයි.


ඒ පිළිබඳව නිසි දැනුම සහ උපදෙස් ලබා ගැනීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ  0112 691 692 දුරකථන අංකය භාවිතා කළ හැකියි.


අන්තර්ජාලය භාවිත කිරීමේදී කිසියම් දරුවෙකු පීඩාවට පත්වී ඇත්නම් නම් ඒ පිළිබඳව ජාතික ළමාරක්ෂණ අධිකාරිය වෙත දැනුම් දිය හැකියි.


අන්තර්ජාල භාවිතයේදී පීඩාවට පත්වන වයස 18 ඉක්ම වූ පුද්ගලයන් සඳහා සහය ලබාදීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

noizetv

No comments

Ads Place