Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් පාර්ලිමේන්තු ඒම ගැන මහින්ද කියයි..

  බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කැඳවීම මැති ඇමැතිවරුන් මෙන්ම රටේ කාටත් හදිස්සියක් වුවත් තවමත් ඒ සඳහා දිනයක් යොදාගෙන නැතැ...

 


බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කැඳවීම මැති ඇමැතිවරුන් මෙන්ම රටේ කාටත් හදිස්සියක් වුවත් තවමත් ඒ සඳහා දිනයක් යොදාගෙන නැතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

ඇතැමුන් මේ සඳහා එක් එක් දිනයන් නම් කරනු මුත් අද හෙටම ආණ්ඩු පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඉල්ලා අස් වූ පසු බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දිය හැකි බවට අගමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳව බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ ඉදිරි සතියේ නිල වශයෙන් සාකච්ඡව සිදුකරන බව ද එහිදී ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ස්ථිර තීරණයක් දිය හැකි බව ද අගමැතිවරයා පැවසීය.

මේ පිළිබඳව බැසිල් රාජපක්‍ෂ මහතාගේ ස්ථිර තීන්දුව ඔහු හෙළිකරන තෙක් තමාට ඔහුගේ තීන්දු තීරණය අනාවරණය කළ නොහැකි යැයි ද අගමැතිවරයා කීවේය.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා කීවේ බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ ද මේ පිළිබඳව තමා නිල වශයෙන් සාකච්ඡා කරන බවයි.

lankacnews

No comments

Ads Place