Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කඩු කල්ලි කඩු දමා පලා යයි.. 08 දෙනෙකු කැපූ බවට සැක…

  යාපනය චුන්නාකම් පොලිස් වසමේ තාවඩි තොට්ටවේලි ප්‍රදේශයේ වෙල්යායක් අසල දමා ගොස් තිබූ තියුනු කඩු 04 ක් සොයාගත් බවට චුන්නාකම් පොලීසිය පවසයි. තො...

 


යාපනය චුන්නාකම් පොලිස් වසමේ තාවඩි තොට්ටවේලි ප්‍රදේශයේ වෙල්යායක් අසල දමා ගොස් තිබූ තියුනු කඩු 04 ක් සොයාගත් බවට චුන්නාකම් පොලීසිය පවසයි.

තොට්ටවේලි ප්‍රදේශයේ වෙල්යායක් අසල පොහොර බෑගයක ඔතා දමා ගොස් තිබියදී ප්‍රදේශවාසියෙකු දැක ඒ බව පොලීසියට දැනුම්දීමෙන් පසුව පොලීසිය විසින් අදාල කඩු රැගෙන යාමට කටයුතු කරන ලදි.

අදාල කඩු පසුගියදා කොණ්ඩාවිල් සෙල්වපුරම්හි ස්ටුඩියෝවක සිටි 08 දෙනෙකුට කැපුම් තුවාල සිදු කරමින් පහරදුන් කඩු බවට සැකපල වී ඇති අතර එම සොයාගත් කඩුවල ඒ වන විටත් ලේ පැල්ලම්ද තිබූ බවට පොලීසිය පවසයි.

කෙසේ වෙතත් පොලිස් හො පොලිස් විශේෂ කර්ය බලකා කණ්ඩායම් කිහිපයක් විසින් මේ වන විට අදාල අයුධ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් අදාල කල්ලි විසින් මෙලෙස කඩු සඟවා සැඟව සිටීමට උත්සහ දරන බවටද පොලීසිය වැඩි  දුරටත් පෙන්වා දෙයි.

lankacnews

No comments

Ads Place