Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝන මෘතදේහයක් ආදාහනය ප්‍රමාද කරන්නැයි PHIට තර්ජන…

  අලුත්ගම ආදාහනාගාරයේ 29 පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබූ කොරෝනා ආසාදිත පුද්ගල මරණයක් ප්‍රමාදකර සිදු කරන්නැයි මියගිය පුද්ගලයාගේ පාර්ශ්වයේ අය...

 


අලුත්ගම ආදාහනාගාරයේ 29 පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබූ කොරෝනා ආසාදිත පුද්ගල මරණයක් ප්‍රමාදකර සිදු කරන්නැයි මියගිය පුද්ගලයාගේ පාර්ශ්වයේ අයෙකු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට තර්ජනය කර රාජකාරියට බාධා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පුද්ගලයා අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි .

මෙසේ කොරෝනා ආසාදිත පුද්ගලයා අළුත්ගම පොලිස් වසමේ කාලවිල කන්ද ප්‍රදේශයේ අයෙකු බවත් මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු වව්නියාව ප්‍රදේශයේ සිට පැමිණෙන තෙක් භුමිදානය සිදු කිරීම ප්‍රමාද කරන්නැයි වූ කතාබහක් දුරදිග යාමෙන් වූ සිදුවීමක් මෙසේ එම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ රාජකාරියට බාධා කළැයි යන සිදුවීම හේතුවෙන් එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතා පැවසීය .

මෙසේ රාජකාරියට බාධා කර ඇත්තේ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයෙකුට බව කියයි .

lankacnews

No comments

Ads Place