Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමරිකා ගිය බැසිල් එයි.. ඔහු ආ පසු තෙල් මිල පහලට..?

  දැනට විදේශගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ඉන්ධන මිල පහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙ...


 දැනට විදේශගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ඉන්ධන මිල පහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සඳහන් කර ඇත.

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් තම මැතිවරණ ආසනවල ජනතාව විරෝධයෙන් අදහස් පළ කරන අවස්ථා කිහිපයකදීම ඔවුන් පෙන්වා දී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ඔහු හා සාකච්ඡා කර ඉන්ධන මිල යළි පහළ දමා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.

දැනට ඇමරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා නැවත මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

පසුගියදා නෙළුම් මාවතේ පැවති සාකච්වේදීද පසුපෙල මන්ත‍්‍රීන් මාධ්‍ය වෙත කියා සිටියේ බැසිල් රාජපක්‍ෂ මහතා පැමිණි පසු ඉන්ධන මිල ගැටළුව ගැන සාකච්චා කරන බවයි.

No comments

Ads Place