Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ඉන්ධන මිල ඉහල දමයි.. ණය ගෙවන්න බැරිව තෙල් සංස්ථාව අවදානමක..

  ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා වියදම් කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව එම මිල සංශෝධනය කරන දිනය නුදුරේදිම දැනුවත් කරන බව බලශක්ති අම...


 ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා වියදම් කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව එම මිල සංශෝධනය කරන දිනය නුදුරේදිම දැනුවත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ලෝක වෙළඳපොලේ මේ වන විට ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතත් මාස විසි එකක් පුරා ඉන්ධන මිල සංශෝධනය නොකර නොකිරීමට රජය කටයුතු කළ බවද ඔහු පවසයි.

නමුත් රජය තවදුරටත් මේ දැවැන්ත අලාභය දරාගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඒ මහතා පැවසීය.

දැනටමත් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්වයකට තෙල් සංස්ථාව පත්වී ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments

Ads Place