Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න… රසායනික විද්‍යාඥයෙකුගෙන් රටටම පාඩමක්…

  දරුවාට රසකර ලබාදෙන සුප් කැටය තවත් අවුරුදු දහයකින් දරුවාට පිළිකා රෝහලට යාමට මග පාදන බවට සමාජයේ ප්‍රකට කියමනක් තිබෙන බවත් මේ ආකාරයෙන් වස විස...

 


දරුවාට රසකර ලබාදෙන සුප් කැටය තවත් අවුරුදු දහයකින් දරුවාට පිළිකා රෝහලට යාමට මග පාදන බවට සමාජයේ ප්‍රකට කියමනක් තිබෙන බවත් මේ ආකාරයෙන් වස විස ආහාර දිගින් දිගටම පරිභෝජනය කළහොත් ලංකාවේ අනාගත පුරවැසියෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 35 ක් තරම් අඩු ප්‍රමාණයකට වැටෙනු ඇතැයි කර තිබෙන පුරෝකතනයද සත්‍ය වනු ඇති බවත් ප්‍රකට රසායනික විද්‍යාඥයෙකු අනතුරු හඟවයි.

රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා පෙන්වා දෙන්නේ වෙනත් රටවල අස්වැන්න නෙලීමට දින 14 කට කලින් කෘෂි බෝග සඳහා රසායනික පොහොර සහ පළිබෝධ නාශක යෙදීම තහනම් වුවත් ලංකාවේ එවැනි තහනමක් තවමත් ක්‍රියාත්මක නොවන බවයි. එසේම, වෙළෙඳපොලේ තිබෙන ඇපල් ඉටි වැස්මක් මගින් ආවරණය කර තිබෙන බවත් වෙළෙඳපොළේ තිබෙන සමහර නූඩ්ල්ස් සහ සුප්කැට මෙන්ම කෙටි ආහාර වර්ග දරුවන්ට ලබාදීම ඉතාමත් අහිතකර බවත් ඔහු පෙන්වාදී ඇත.

එසේම, ඇෆ්ලටොක්සින් තිබෙන්නේ ආනයනය කරන පොල්තෙල්වල පමණක් නොවන බවත් නිසි පරිදි පොල් වියලා නොගන්නේ නම් ගෙදර හදන පොල්තෙල්වල පවා ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය හැදෙන බවත් ආචාර්ය පියල් ආරියනන්ද මහතා සඳහන් කර තිබේ. මේ නිසා, මෙම පිළිකා කාරක ආහාරවල තිබෙන විස අවම කරමින් ආහාරයට ගන්නා ආකාරය ඔහු විසින් පැහැදිලි කර ඇත.



No comments

Ads Place