Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැරලයින් ජූරි වසර 10-20ක් හිරේ… නීතිය මෙන්න…

  ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ තේරීමේ තරගාවලියේ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගේ හිසෙන් එම කිරුළ බලහත්කාරයෙන් උදුරා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන ...

 


ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ තේරීමේ තරගාවලියේ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගේ හිසෙන් එම කිරුළ බලහත්කාරයෙන් උදුරා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රියාව සිදුකළ ලෝක විවාහක රූරැජිණ කැරොලීන් ජූරි ට එරෙහිව වසර 10 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබා දීමට හා ඇගෙන් වන්දි අයකර ගැනීමට නියෝග කිරීමට අධිකරණයට හැකියාව ඇතැයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කරයි.

කැරලයින් ජූරි ඒ අවස්ථාවේදී තමන්ට නොතිබුණු බලයක් පෙන්වා සිදුකළ බලහත්කාර කමක් මෙන්ම සොරාගැනීමක් සිදු කල බව පෙනෙන්නට තිබෙන බවද ඔහු පැවසීය.

මෙම ක්‍රියාව සිදුකළ තැනැත්තියට එරෙහිව බලහත්කාරකම් පෑම, බලෙන් ලබා ගැනීම, සොරා ගැනීම හා තුවාල සිදු කිරීම යන චෝදනා මත නඩු පැවරීමට හැකියාව ඇති බවද ඔහු කීය.

එපමනක් නොව එම තරගය සංවිධාන කළ සංවිධායක මණ්ඩලයට ද කැරොලින් ජූරි ට එරෙහිව නඩු පැවරීමට හැකියාව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රියාවේදී කැරලයින් ජූරි කළ කටයුත්ත කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද පෙන්වා දෙන ඒ මහතා ඇය මෙම කළ නින්දා සහගත ක්‍රියාව නිසා ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් වී ඇතැයිද කියා සිටියේය.

No comments

Ads Place