Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොහුවල වාහනයක් තුළ ව්‍යාපාරිකයෙක්ගේ පිළිස්සුණු මළ සිරුරක්

 කොහුවල, ආසිරි මාවත ප්‍රදේශයේ මෝටර් රථයක තිබී රාත්‍රී 11.30ට පමණ මළ සිරුරක් හමුවී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...


 කොහුවල, ආසිරි මාවත ප්‍රදේශයේ මෝටර් රථයක තිබී රාත්‍රී 11.30ට පමණ මළ සිරුරක් හමුවී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ මෝටර් රථය මෙන්ම මළ සිරුර ද පිළිස්සී ඇති බවයි. 


එලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවට දැනට හඳුනාගෙන තිබේ. නුගේගොඩ අධිකරණය වෙත දැන්වීමෙන් අනතුරුව අද දිනය තුළ දී රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු විශේෂඥයින් අදාළ ස්ථානයට ගෙන්වා මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව අජිත් රෝහණ මහතා පැවසීය.

No comments

Ads Place