Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිංහරාජ රක්ෂිතට අයත් ප්‍රදේශයක වල්ලපට්ටා දැව ජාවාරමේ යෙදී සිටි හතරක් අල්ලයි

 සිංහරාජ රක්ෂිතට අයත්  ප්‍රදේශයකට නීතිවිරෝධීව අනවසරයෙන් ඇතුළුවි වල්ලපට්ටා දැව ජාවාරමේ යෙදී සිටියදී වල්ලපට්ට කිලෝග්‍රෑම් 3280ක් සහ ඒ සදහා භාව...


 සිංහරාජ රක්ෂිතට අයත්  ප්‍රදේශයකට නීතිවිරෝධීව අනවසරයෙන් ඇතුළුවි වල්ලපට්ටා දැව ජාවාරමේ යෙදී සිටියදී වල්ලපට්ට කිලෝග්‍රෑම් 3280ක් සහ ඒ සදහා භාවිතා කළ උපකරණ රැසක් සමඟ පුද්ගලයන් හතරදෙනකු  සැකපිට ප්‍රශ්න කිරීම සඳහා (15 ) දින  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා දෙණියාය කදවුර පවසානවා.


පොලිස්  විශේෂ කාර්ය බලකා දෙනියාය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.


එහිදී  සිංහරාජ රක්ෂිතයට අයත් දෙණියාය පොලිස් වසමෙ බෙවරලිය කොටසට ඇතුළුවි දින ගණනාවක් රැඳී සිටිමින්  නීතිවිරෝධී වල්ලපට්ටා දැව ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙම සැකකරුවන්  ඕපාත,  කළුබෝවිටියාන, අලපලාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර  ඔවුන් 21. 26. 30. 41 වයසෙ පසුවන අය බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


මෙම සැකකරුවන් සන්තකයේ තිබී රක්ෂිතයෙන් කපන ලද වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 3280, .අත්පොරෝ 3 ,මෝල්ඩින් කියත්  5,  පිහි  2 ,ලයිටර් 1, විදුලි පන්දම් 1,  සූර්ය බලයෙන් ක්‍රියාකරන ලයිට් එකයි, විවිධ ප්‍රමාණය සාස්පාන් 3, ඇලුමිනියම් පිඟන් 1 ,ඖෂධ සහිත බැග් 1 මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙම සැකකරුවන්  දියදාව වන අඩවි කාර්යාලය වෙත භාරදීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

nethnews

No comments

Ads Place