Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී තහනම් භාණ්ඩ රැසක් හමුවෙයි

 පොලිස් විශේෂ කාර්යය බලකායේ බන්ධනාගර විශේෂ රාජකාරි නිරත නිලධාරී කණ්ඩායමක් සහ වැලිකඩ  බන්ධනාගාර රාජකාරි වාර්තා කර සිටින නිලධාරීන් එක්ව කොළඹ ...


 පොලිස් විශේෂ කාර්යය බලකායේ බන්ධනාගර විශේෂ රාජකාරි නිරත නිලධාරී කණ්ඩායමක් සහ වැලිකඩ  බන්ධනාගාර රාජකාරි වාර්තා කර සිටින නිලධාරීන් එක්ව කොළඹ බන්ධනාගාරය තුළ ඊයේ  (11 ) දින  සිදුකළ  සෝදිසි මෙහෙයුමකදී  නීති විරෝධී තහනම් භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.


එහිදී  ජංගම දුරකථන පහක්,  බැටරි  පහක්,   චාජර් කේබල්  එකක්,   අමතර  ජංගම දුරකථන බැටරි දෙකක්, බැටරි චාජර් දෙකක්,  හෑන්ඩ් ෆ්‍රී එකක්,  ජංගම දුරකථන ජාල වලට අයත් සිම්පත් අටක්,  කතුරු දෙකක්,   දුන්කළ කැබලි කිහිපයක්,  ටිවීසර් එකක්,  කුඩා හැඳි එකක්, යකඩ පතුරු දෙකක්,  පොඩි කුඩු පැකට් විසිඑකක්,  සහ  ලොකු කුඩු පැකට් හතක්, ⁣ මෙම සෝදිසි මෙහෙයුමෙන්  අත්අඩංගුවට ගැනීමට  එම නිලධාරීන් සමත්ව තිබෙනවා.


මේ පිලිබඳ තවදුරටත් විමර්ශන කටයුතු  බන්ධනාගාර නිලධාරින් විසින් මෙහෙයවනු ලබනවා.

No comments

Ads Place