Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මීළඟ ජනපතිවරණයට බැසිල් සුදුසුයි-ඇමැති ලොකුගේ

  මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්‍ෂ මහතාට සම්පූර්ණ සුදුසුකම් ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ (12) පැවසීය. නමුත...

 


මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්‍ෂ මහතාට සම්පූර්ණ සුදුසුකම් ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ (12) පැවසීය.



නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශයක් කර නොමැති නිසා මී ළඟ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් දැන්ම කතා කළ යුතු නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.



අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේදී


(12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මී ළඟ ජනාධිපතිවරණයට තරඟ කරන්නේ කවුරුන්ද යන්න දැන්ම නිශ්චිතව කිව නොහැකි නමුත් බැසිල් රාජපක්‍ෂ මහතාට ඒ සඳහා සුදුසුකම් ඇතැයි ද ඇමති ගාමිණී ලොකුගේ මහතා කීවේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හෝ 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇතැයි කිසිවෙක් නොසිතූ බව කී ඇමතිවරයා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද දැන්ම අනාවැකි කීම අවශ්‍ය නැතැයි පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ශක්තිමත් දේශපාලන සන්ධානයක් ලෙස කටයුතු කරන බව කී ගාමිණී ලොකුගේ මහතා එහි වැඩි ගෞරවය බැසිල් රාජපක්‍ෂ මහතාට හිමිවිය යුතු බව ද කීවේය.

noizetv

No comments

Ads Place