Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුසියානු කොවිඩ් එන්නතත් කඩිනමින් මෙරටට ගෙන්වීමට රජයෙන් සැලසුම්

  මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිවූ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී කොවිඩ් මර්දන එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්...

 


මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිවූ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී කොවිඩ් මර්දන එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අදාළ එන්නත නිපදවන රුසියාවේ ගැමීලියා ආයතනය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.


ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙන් ස්පුට්නික් එන්නත ද එක් අයෙකුට මාත්‍රා 02 ක් ලබාදිය යුතු බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ. එන්නත් වර්ග කිහිපයක් මෙරටට ගෙන්වුව ද නිසි සැලසුමකින් යුතුව ජනතාවට එන්නත ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

No comments

Ads Place