Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිත්තැවුලක් නිසා සියදිවි නසා ගැනීමට ගිය තරුණයාගේ දිවි බේරා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා

අරණායක පොලිස් බල ප්‍රදේශයේ සිත් තැවුලක් නිසා දිවි නසා ගැනිමට ගෙල වැලලාගත් වයස අවුරුදු 35 ක තරුණයෙකුගේ ජීවිතය බේරා ගැනිමට අරණායක පොලිසියේ උප ...


අරණායක පොලිස් බල ප්‍රදේශයේ සිත් තැවුලක් නිසා දිවි නසා ගැනිමට ගෙල වැලලාගත් වයස අවුරුදු 35 ක තරුණයෙකුගේ ජීවිතය බේරා ගැනිමට අරණායක පොලිසියේ උප පොලිස් පරික්ෂකයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙක් කටයුතු කර සිද්ධියක් අද (10) වාර්තා වුණා.


අරණායක පොලිස් බල ප්‍රදේශයේ ජිවත් වන අවිවාහක තිස්පස් හැවිරිදි සී.එම්.ආර්.ජනක බණ්ඩාර යන අය මෙලෙස ගෙල වැලලාගෙන සිය දිවි නසා ගැනිමට උත්සාහ කර බව පොලිසිය සඳහන් කළේ.


මීට වසර කිහිපයකට කලින් මෙම තරුණයාගේ මවගේ හිසට පොල් ගෙඩියක් වැටි මිය ගොස් ඇති අතර පියා ඊට පෙර මිය ගොස් ඇති බව කියයි. එමෙන්ම වැඩිමහල් සහෝදරයෙක් නිවසේ ජිවත් වන අතර ඔහු කායික අබාධිත අයෙක් වන බව පොලිසිය පවසයි. දෙමාපියන් මිය ගිය පසුව කායික අබාධිත තරුණයාද මෙම සහෝදරයා විසින් බලා ගනිමින් එම නිවසේ කටයුතු කර ඇත. මෙම තරුණයා රැකියාව ලෙස කුලි වැඩ කරමින් ජීවිකාව පවත්වාගෙන ගිය බව පොලිසිය පවසයි. 


යම් සිත් තැවුලක් පදනම් කරගනිමින් සිය දිවි හානි කර ගැනිමට නිවසේ සාලයේ බාල්කයට වයරයක් දමා හෙලට තොන්ඩුවක් දමා මේසයක් මත නැගි උත්සාහ කර ඇති අතර එය දුටු සහෝදර කායික අබාධිත තරුණයා විසින් නිවස වටේ දුවමින් නිවසේ යම් කරදරයක් ඇති විලස ඇගවිම නිසා ගම්වාසීන් කිහිප දෙනෙක් නිවස වෙත ගිය විට මෙම බිහිසුණු අනතුර දැක අරණායක පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට කටයුතු කර ඇත්තේ ඊයේ 09 රාත්‍රී 10.30 ට පමණ වන බව පොලිසිය කියයි. 


පැමිණිල්ල දැමිමට පැමිණි ගම්මුන් විසින් අරණායක පොලිසියේ පැමිණිල් අංශයේ එම අවස්ථාවේ රාජකාරි කර උප පොලිස් පරික්ෂක ජේ.එම්.එස්.එස්.එච්. ජයසුන්දර මහතාට පවසා ඇත්තේ ගෙල බැලදා ගත් පුද්ගලයා තවමත් මිය ගොස් නැති බවත් සිහි මුර්ජා වි සිටින අතර ගෙලේ තොණ්ඩුව පොලිසිය නොමැතිව ගැලවිම නොහැකි බවයි. ඉන් පසුව උප පොලිස් පරික්ෂකවරයා විසින් පැමිණිලි ලියමින් සිටිම කාලෝචිත නොවන බව තේරුම් ගෙන ගම්මුන් සමග ඉතා ඉක්මනින් එම ස්ථානයට ගොස් ඇත්තේ අරණායක පොලිසියේ පොලිස් කොස්තාපල් මධුසංක සමග යතුරු පැදියකින්ය. 


එම නිවස වෙත ගිය අරණායක පොලිසියේ උප පොලිස් පරික්ෂකරයා සහ පොලිස් කොස්තාපල්වරයා විසින් ගෙල වැලලාගෙන සිටි පුද්ගලයාගේ ගෙලට වැටි ඇති වයරය ( නිවෙස් වයරීන් කිරිමට යොදා ගන්නා වයරයක් ) ඉවත් කොට වෑන් රථයකින් තරුණයා රෝහල් ගත කිරිමට ප්‍රධාන මාර්ගයට රැගෙන එමට කටයුතු කර අතර එම අවස්ථාවේ ගම්වැසියන් විසින් 1919 හදිසි ගිලන් රථ සේවාවට ඒ බව දැන්විම නිසා එම ගිලන් රථය අතරමගදි රෝගියා භාර ගෙන මාවනැල්ල මහ රෝහලට ඇතුලුකරන ලද බව උප පොලිස් පරික්ෂක ජයසුන්දර  පවසයි. 


එහිදි හදිසි ප්‍රතිකාර ලබා දුන් රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය රෝගී තරුණයාගේ ජීවිතය බේරා ගෙන ඇති අතර මේ වන විට මාවනැල්ල මහ රෝහලේ වාට්ටු අංක 07 ප්‍රතිකාර ලබන අතර උප පොලිස් පරික්ෂක ජේ.එම්.එස්.එස්.එච්. ජයසුන්දර පැවසුයේ ගෙල වැල දමාගැනිමට උත්සාහ කර තරුණයාගෙන් කටඋත්තර ලබා ගැනිම වෛද්‍ය උපදෙස් අනුව සුවපත් වු විගස සිදු කිරිමට කටයුතු කරන බවයි. 


කෙසේ වෙතත් උප පොලිස් පරික්ෂක ජයසුන්දර ගේ සහ කොස්තාපල්වරයා එක්ව සිදු කල මෙම කාලෝචිත ක්‍රියාව බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් විය. පොලිස් නිලධාරියා මෙම තරුණයා බේරා ගැනිමට කඩිනම් ක්‍රියාමාර්ග නොගත්තේ නම් ඔහුගේ ජිවිතය අහිමි විමට ඉඩ තිබුණි. නීතීය ක්‍රියාත්මක කිරිමට පෙර මනුෂ්‍ය ජිවිතය බේරා ගැනිමට ගත් උත්සාය ආදර්ශයකි.


තම රාජකාරියට ඒහා ගොස් මෙම ක්‍රියාව සිදු කර අරණායක පොලිසියේ උප පොලිස් පරික්ෂක ජේ.එම්.එස්.එස්.එච්. ජයසුන්දර පොලිස් සේවයට පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස එක් වි ඇත්තේ මිට වසර 30 කට පෙරයි. දැනට වසර 32 කට ආසන්න කාලයක් ලංකාවේ විවිධ ප්‍රදේශවල සේවය කර ඇති අතර සිව් දරු පියෙකි. එතුමා විසින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුට මේ සිදු කර උතුම් මානුෂිය ක්‍රියාව ඉතා හොඳ ආදර්ශමත් එකකි. එමෙන්ම ඔහු අපේ රටේ වසර 30 ක් වේලි ගත් යුධ සමයේ ඊටද එක්වු නිර්භිත රාජ්‍ය නිලධාරියෙක් ද වනවා.

No comments

Ads Place