Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් මිල ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

  උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රට තුළ ගෑස් හිඟයක් නොමැති බවයි...

 


උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.


රට තුළ ගෑස් හිඟයක් නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.


වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා එම සාකච්ඡාව කැඳවා තිබුණා.


සහල්, පොල්, කිරිපිටි, මාළු,මස්, බිත්තර, පරිප්පු හා ධාන්‍ය, ලොකු ලූණු, රතු ලූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.


කොවිඩ්-19 වසංගතයට සමඟාමීව සැපයුම් ජාල අඩපනවීම, විනිමය අනුපාත වෙනස්වීම හා සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත්, ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන එම සාකච්ඡාවේදී අවධානය යොමු කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කළේ.


ගෑස් මිල වැඩිකරන්නැයි කෙරෙන බලපෑම් සම්බන්ධයෙන්, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ද එහිදී අදහස් දක්වා තිබෙනවා.

nethnews

කොවිඩ්-19 වසංගතය සමඟ ලෝක ගෑස් මිල පහත වැටී තිබූ අවධියේ එම ලාභය අදාළ සමාගම් විසින් හිමිකරගත් බවත් එදා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පවා රැකියා ආරක්ෂා කරමින් රජය ගත් පියවරට වර්තමානයේ සහය ලබා දීම ඔවුන්ගේ යුතුකමක් බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

No comments

Ads Place