Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මෘතදේහ වලලන්න පාරිසරික කරුණු සලකා නෑ.. මධ්‍යම පරිසර අධිකාරියට නඩු..

  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අධ්‍යක්ෂක ජනරාල් මධ්‍යම පරි...

 


පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අධ්‍යක්ෂක ජනරාල්
මධ්‍යම පරිසර අධිකාරිය
බත්තරමුල්ල

උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම .

කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භුමිදානය කිරීම සම්බන්ධයෙන් මාර්ග උපදේශයන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් එළිදක්වා ඇත. ඒ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රයක් ද නිකුත් කොට ඇත. එකී මාර්ග උපදේශයන් සකස්කර ඇත්තේ සෞඛ්‍ය කරුණු මත පමණක් වන අතර එම මාර්ග උපදේශයන් සදහා පාරිසරික කරුණු සළකා බලා නැත.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා වන බාසල් සම්මුතියට ශ්‍රී ලංකාව 1992 /08/28 දින අත්සන් තබා ඇති අතර එකී ගිවිසුමට අදාල නීති රීති 1980 අංක 47 දරණ පරිසර පනතට ඇතුලත් කර ඇත. කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු උපද්‍රවකාරී අපද්‍රව්‍යයක් වන බැවින් එම අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා වන පරිසර ආරක්ෂණ නීති අනුගමනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත්වන ලෙස අප සංවිධානය ඔබගෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීමට ඔබ අපොහොසත් වුවහොත් ඔබට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මෙයින් දැනුම් දෙමු.

විශේෂයෙන්ම කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භුමිදානය කරන ස්ථානය සම්බන්ධයෙන් පාරිසරික සක්‍යතා වාර්තාවක් ලබා ගැනීමේ අවශ්‍යතාවයද මෙම අවස්ථාවේ අවධාරණය කරමු. ඒ සදහා වන 2008/02/01 දින නිකුත් කරන ලද අංක 1534/18 දරණ අතිවිශේෂ ගැසට්පත්‍රය කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරමු.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

No comments

Ads Place