Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යහපාලන ඇමතිවරයෙක් මධ්‍යම අධිවේගිය අනී..

  මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පලමු කොටසේ සහ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන කොටසේ ඉදිකිරීම් වල වත්මන් තත්වය සොයා බැලීමට...

 


මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පලමු කොටසේ සහ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන කොටසේ ඉදිකිරීම් වල වත්මන් තත්වය සොයා බැලීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය දා නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු …….

මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධව ඉතාමත් කනගාටුදායක තත්වයක් තිබුණේ. පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මෙම මාර්ගයේ එක් කොටසක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් අරගෙන තිබෙනවා. එම කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් පමා වෙලා තිබෙනවා. අවස්ථා කිහිපයකදීම අපි එම සමාගමට අවවාද කලා එම මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙසට. ඔවුන්ට අවශ්‍ය මුදල් පවා ප්‍රමාදයකින් තොරව ලබා දුන්නා. නමුත් එම මාර්ග කොටසේ සංවර්ධන කටයුතු නියමිත දිනයට සැලසුම් සකස් කල ආකාරයට නිම කරගන්න බැරිවෙයි කියල මේ නිරීක්ෂණ චාරිකාවේ දී අපිට පෙනී ගියා. මීරිගම සිට පොතුහැර දක්වා මාර්ග කොටස දේශීය කොන්ත්‍රාත් කරුවන් කිහිප දෙනෙකු ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවා . ඉදිරියට මෙම කොටසේ ඉදිකිරීම් කටයුතු තව දුරටත් සිදු කරනවද නැද්ද පිළිබඳ ඉදිකිරීම් පමා වූ සමාගම ලබන අගහරුවාදා දින තීන්දුවක් ගත යුතුයි . ඔවුන්ට ඉදිකිරීම් කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකි නම් මේ වන විට ඉදිකිරීම් කටයුතුවල අවසන් අදියරේ සිටින අනෙකුත් කොන්ත්‍රාත් සමාගම් වලට ඔවුන්ගේ කොටසේ ඉදිකිරීම් ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලබා දී ඔවුන් ඉවත් විය යුතුයි . නැත්නම් මෙයින් සිදු වන්නේ මේ වන විට ඉදිකිරීම් කටයුතු වල අවසන් අදියරේ සිටින කොන්ත්‍රාත් සමාගම් වලටත් අගතියක්. වැඩ බිමේ සේවය කරන අය වැඩ පමාව පිලිබදව නොයෙක් දේවල් කිව්වා. ‍ පෞද්ගලික දේශපාලනය නිසා හිතාමතාම ඉදිකිරීම් කටයුතු පමා කරනවා, ඒ ගැන හොයලා බලන්න කියලා. අනිත් අදියර වල ඉදිකිරීම් කටයුතු සාර්ථකව කරගෙන යනවා.

හිටපු අමාත්‍යවරයාගේ කොන්ත්‍රාත් සමාගමට අයත් කොටසේ පමණයි ප්‍රශ්ණ තිබෙන්නේ. අපි දේශපාලන පලිගැනීම් කරලා නැහැ. අවුරුදු එක හමාරක් පුරාවට අපි ඉදිකිරීම් පමා වූ සමාගමට අවස්ථාව ලබා දුන්නා ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න කියලා .

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගැට්ටුවාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අවට නව නගරයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම අධිවේගී මාර්ගය දෙපස පැල සිටවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා . ඊට අවශ්‍ය මූලික සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා . මම විශ්වාස කරනවා මේක ඉක්මනින් කරගන්න පුලුවන් වෙයි කියලා.

පාස්කු ප්‍රහාර වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින විවිධ පාර්ශ්වයන් විවිධ මත ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු ලබා දුන් අමාත්‍යවරයා

විවිධ මත වලින් වැඩක් නැහැ. විවිධ මත ඕනෑ තරම් තිබෙන්න පුළුවන්. මටත් තිබෙනවා මගේ පෞද්ගලික මතය . ඒ මත වලින් වැඩක් නැහැ. නීතියයි ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නීතිය ක්‍රියාත්මක කරන්න තමයි මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රාජ්‍ය බලය ලබා දුන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැතිකම දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නයි.අපිට සම්පූර්ණ විශ්වාසය තිබෙනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගැන. එම නිසා වෙන අය කියන දේවල් ගැන අපිට වැඩක් නැහැ. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා.මේ හදන්නේ දේශපාලනය කරන්න.

බෝම්බ පිපිරෙන කොට ගෙවල් වලට වෙලා හැංගිලා ඉන්න කියලා තාත්තා කිව්වා කියලා කියපු අය , බෝම්බ පුපුරවලා මිනිස්සු මැරෙන්න ඉඩ හැරලා බලන් හිටපු අය , පාස්කු ප්‍රහාරය ඇතිවෙන්න රටේ ආරක්ෂාව ඉවත් කරලා දුන්න නායකයෝ සිටිය ආණ්ඩුවක් තමයි පසුගිය යහපාලන රජය. රටේ නීතිය කාටත් පොදුයි. ඒ නිසා නීතිය අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන තැන අපි අනිවාර්යෙන්ම හිට ගන්නවා. යටි අරමුණු තියෙන අය කවුරුවත් මෙතැන නැහැ. ඒක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මේ ගහන්න හදන්නේ මඩ ප්‍රහාර. මිනිස්සු මරාපු අය අද මිනිස්සු රකින්න ඉදිරිපත් වුන අයට මඩ ගහනවා.ඒක තමයි ඇත්ත .මම වගකීමෙන් කියනවා නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා . වැරදිකරුවන් කිසිම කෙනෙකුට බේරෙන්න ඉඩ දෙන්නේ නැහැ. විපක්ෂය අද බොර දියේ බොර දියේ මාළු බාන්න මේකෙන් උත්සහ කරනවා.

මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් , කඩවත සිට මීරිගම දක්වා වූ පලමු කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්.කේ.කොඩිතුවක්කු , මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කෙහෙල්ඇල්ල , ඉදිකිරීම් භාර කොන්ත්‍රාත් සමාගම් වල නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

No comments

Ads Place