Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති තේරී පත්වේ

 ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පිරිස් තේරී පත්වුවා. ඒ අද පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැතිවරණයෙන් ජන්ද ...


 ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පිරිස් තේරී පත්වුවා. ඒ අද පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැතිවරණයෙන් ජන්ද 5093ක් ලබා ගනිමින්. ඒ වැඩි ජන්ද 2386ක් ලබා ගනිමින්. 


ඔහු සමග එම ධුරය සඳහා තරග කළ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා හට ලබා ගැනීමට හැකිවුයේ ජන්ද 2707ක් පමණයි.


ජනාධිපති නීතිඥ සාලිය පිරිස් කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ආදී සිසුවෙක් වනවා.


ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ  ලේකම් ලෙස නීතිඥ රජීව අමරසූරිය නිතරගයෙන් තේරී පත් වූ අතර ඔහු එම ධූරයේ තවදුරටත් කටයුතු කරණු ඇත. 


දිවයින පුරා පිහිටි නීතිඥ  සංගම් මධ්‍යස්ථාන 85 ක මැතිවරණය පවත්වනු ලැබුවා. මෙම ජන්ද විමසීම අද පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැවැත්වූ අතර ඒ සඳහා ලියාපදිංචි නීතිඥවරුන් 17,000 ක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.


අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා මෙම ජන්ද විමසීමේ තේරීම් භාර නිළධාරියා ලෙසට කටයුතු කරන ලදී .

No comments

Ads Place