Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දරුවෙකු අපයෝජනය කල දරුවෙකු අත්අඩංගුවට..

  දර්ගා නගරය,පතිරාජ ගොඩ කහදිය වත්ත ප්‍රදේශයේ පදිංචි 14හැවැරිදි බාලවයස්කාර පිරිමි ළමයකු විසින් යාබද නිවසක පදිංචි අවුරුදු හයයි මාස අටක් වන බාල...


 දර්ගා නගරය,පතිරාජ ගොඩ කහදිය වත්ත ප්‍රදේශයේ පදිංචි 14හැවැරිදි බාලවයස්කාර පිරිමි ළමයකු විසින් යාබද නිවසක පදිංචි අවුරුදු හයයි මාස අටක් වන බාල වයස්කාර කුඩා පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයකට ලක්කර ඇතැයි කියන සිද්ධියකට සම්බන්ධ සැකකාර 14 හැවැරිදි බාලවයස්කරුව අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි .

එම සිද්ධියට මුහුණ දුන් අවුරුදු හයයි ,මාස අටක් වන බාලවයස්කාර පිරිමි ළමයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි .

සැකකාර බාල වයස්කාර පිරිමි ළමයා විසින් අසල පදිංචි කුඩා පිරිමි ළමයා රවටා යාබද සුසාන භූමිය අසල ආසන්නයේ සෙල්ලම් කරන ස්ථානයකට රැගෙන ගොස් මෙම අපයෝජනය කළ ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ .

එම ළමයාගේ මව විසින් අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල මත සැකකාර බාලවයස්කරු අත්අඩංගුවට උගත් බව කියයි .

No comments

Ads Place