Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ - බලශක්ති ඇමති කියයි

  මෙරට ඛනිජතෙල් කැණීමේ කටයුතුවලට අදාළ නීතිමය රාමු ඇතුළත් පනත් කෙටුම්පත මේ දිනවල සකස් කෙරෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා....

 


මෙරට ඛනිජතෙල් කැණීමේ කටයුතුවලට අදාළ නීතිමය රාමු ඇතුළත් පනත් කෙටුම්පත මේ දිනවල සකස් කෙරෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ අදාළ නීති සකස් කිරීමෙන් පසු මෙරට ඛනිජතෙල් කැණීම ස`දහා ආයෝජකයින් සොයාගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි. 


ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ ගිය ද මෙරට ඉන්ධන මිල සංශෝධනයට තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.


මේ අතර මේ වන විට දැඩි කතා බහට ලක්ව ඇති තී‍්‍රකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාව සමග සංවර්ධනය කිරීමට අදාල යෝජනාව ලගදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවා.

No comments

Ads Place