Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවකට මිනිසුන් හදන්න බෑ..- අගමැති ලේකම් කියයි..

  කොවිඩ් 19 වයිරසයෙන් අත් වී තිබෙන ඛේදනීය ඉරණම ගැන සිතා ලෝක රාජ්‍ය නායකයන් ඇතුලු සියලු ජන කොටස් ආත්මාර්තකාමී හැඟීම් වලින් ඉවත් ව මානව වර්ගයා...

 


කොවිඩ් 19 වයිරසයෙන් අත් වී තිබෙන ඛේදනීය ඉරණම ගැන සිතා ලෝක රාජ්‍ය නායකයන් ඇතුලු සියලු ජන කොටස් ආත්මාර්තකාමී හැඟීම් වලින් ඉවත් ව මානව වර්ගයාගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට අධිෂ්ටාන කර ගත යුතු යැයි අග්‍රාමාත්‍ය දේශපාලන කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

මානව වර්ගයාගේ පැවැත්මට අභියෝග රැසක් එල්ල වෙමින් තිබෙන මෙවන් අවස්ථාවක අප සියලු දෙනා එක් අරමුණකට ගොණු විය යුතු කාලය පැමිණ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ කොවිඩ් 19 වයිරසය නිසා රෝගාතුරව සිටින ලෝක වාසී සියලු දෙනාට සෙත් පතා පාදුක්ක – අරකාවිල සඳගිර විහාරස්ථානයේ පැවැති ආශීර්වාද පූජාවෙන් පසු පැමිණ සිටි පිරිස අමතමිනි .

සදා හරිත වැවිලි සමාගම මගින් ප්‍රදේශ වාසීන්ට නොමිලයේ පැල බෙදා දීමද මෙහිදී සිදු විය .
එහිදී කුමාරසිරි හෙට්ටිගේ මහතා මෙසේද කීය .

අද වන විටත් ලෝකයේ වැඩි දෙනා සිටින්නේ අසරණ තත්වයක .හැම රටකටම කොවිඩ් වයිරසයේ බලපෑම බරපතල ප්‍රශ්න ඇති කරලා .ලෝකයේම මිනිසුන් කෝටි 11 කට වයිරසය අසාදනය වුණා .මේ වන විට විසිතුන් ලක්‍ෂ විසි දහස් පන්සියයකට ( 2320500) වැඩි පිරිසක් මිය ගිහින් . අපේ රටේ හැට අට දහස් හය සියයකට ( 68600) වැඩි පිරිසක් මෙයට ගොදුරු වුණා .මෙයින් තුන්සිය පනස් හතකට ( 357 ) වැඩි පිරිසක් දැනට මිය ගිහින් .ලෝකයේ විශාල රෝගීන් පිරිසක් මේ මොහොතේත් ජීවිතයත් මරණයත් අතර සටනක සිටින්නෙ .ඒ සියලු දෙනාම වෙනුවෙන් අපි ආශීර්වාද කරන්න ඕනෑ .

මේ වයිරසය පමණක් නොව ජාති -ආගම් අතර මත භේද මෙන් ම ඇතැම් රටවල් අතර ගැටුම්කාරී ස්වභාවයන් ද මතු වෙලා .මේ සියල්ල සමස්ත මානව වර්ගයා හමුවේ ඇති අභියෝගයි.මේ නිසා අපට අව්නිශ්චිත අනාගතයක් ගැන හිතෙනවා . මෙවැනි වට පිටාවක ඊට විසඳුම ආත්මාර්ථකාමී සිතුවිලි වලින් ඉවත් වී පරාර්ථකාමී සිතුවිලි අනුව කටයුතු කිරීමයි .එහෙම නොවුනොත් කිසිවෙකුට යහපතක් වන්නේ නෑ . ලෝකයේ සියලු මිනිසුන් කෙරෙහි මානව දයාව ඇති වෙන්න ඕනෑ .මෙය ලෝක නායකයන්ටත් අවබෝධ වේවා .!යන්න අපේ පැතුමයි .

ඇති වීම ,වෙනස් වීම ,හා නැති වීම ( උත්පාද ,ථිති ,භංග ) යන්න බුදු දහම පෙන්වා දුන්නත් ඇතැමුන් ඒ යථාර්තය අවබෝධ කරා ගන්නේ නෑ . ඒ නිසා සියල්ල තමාට යන හැඟීම මතු වෙනවා .බොහෝ ප්‍රශ්න වලට මුල එයයි .යහපත් මිනිසුන්ගේ ඇසුර නැති වෙනවා .කෘත ගුණ සැලකීම වැනි උතුම් ගුණ ධර්ම වියැකී යනවා .

ගුණ ධර්ම මත මිනිසුන්ට සැළකෙන සමාජයක් හැදෙන්න ඕනෑ.සොබා දහමේ ආශීර්වාදය ලැබෙන්නේ එවිටයි .පිරිහීමේ දොරටු ඇර ගන්නේ තමන් මිස වෙන කිසිවෙක් නොවේ .
බොහෝ දේශපාලනඥයන්ටත් මෙය අදාළයි .

පරිසරයට ආදරය නොකර වැඩ කළහොත් සිදු වන්නේ ද තවත් විපතක් .අප නිතර පැල සිටුවීමට අනුබල දෙන්නේ සොබා දහමට ඇති ආදරය නිසයි .ඒ ආදරය හැම දෙනාගේ සිත් තුළ ජනිත වෙන්න ඕනෑ .

ආණ්ඩුවකට මිනිසුන් හදන්න බෑ .දහම් මග ඇත්තේ එයටයි .ප්‍රතිපත්ති පුජාව නැතිව ආමිස පුජාවෙන් පමණක් ඇති වැඩක් නෑ .කුමන තරා තිරමක කෙනෙකු වුවත් ප්‍රයෝගිකව ඒ මඟ යා යුතුයි .එවිට තමන් මෙන්ම මුලු ලෝකයම ලස්සන වෙනවා .සුවඳවත් වෙනවා .” යැයිද හෙට්ටිගේ මහතා කීය .

සඳගිර විහාරයේ විහාරාධිපති අරකාවිල සාගර හිමියන්ගේ අනුශාසනා පරිදි ආශීර්වාද පූජාව මෙහෙය වනු ලැබුවේ අම්බුළු ගම සුමංගල හිමියන් විසිනි .

No comments

Ads Place