Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හැටන් නගරයේ ප්‍රධාන ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකට කොරෝනා : පාසැල තාවකාලිකව වසා දමයි

  හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නිසා එම පාසැල විෂබිජහරණය කරන තෙක්...

 


හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසැලක ගුරුවරියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නිසා එම පාසැල විෂබිජහරණය කරන තෙක් අද දින සිට තාවකාලිකව වසා දැමු බවට හැටන් - දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කර සිටිනවා.


කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය සහ ඇයගේ පෙම්වතා හදිසියේ ඇති වු රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනිම සදහා ඊයේ (15) දින දික්ඔය මුලික රෝහල වෙත ගිය අවස්තාවේ දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගීන් දෙදෙනාම ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයට භාජනය කර ඇත. එහිදි එම ගුරුවරියට සහ ඇයගේ පෙම්වතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු අතර, වෛරසය අසාදනය වු ගුරුවරිය වලපනේ සහ පෙම්වතා බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කල බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.


කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය ඉතා ආසන්න දිනයකදි පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවත් එම ගුරුවරිය 6 වසරේ සිට 11 වසර දක්වා පන්ති සදහා ඉගැන්විම් කටයුතු සිදු කරන බව තහවුරුවි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.


එම ජාත්‍යන්තර පාසලේ ළමුන් දහසක් පමණ අධ්‍යාපනය ලබන අතර අචාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන්විත වනවා.

No comments

Ads Place