Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැඩ බලන සෞඛ්‍ය ඇමති වැඩ අල්ලයි… එක දවසින් එන්නත් 50,000ක්…

  ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා වන දැවැන්තම එන්නත්කරන වැඩ සටහන අද දිනය තුල දියත් වේ. ඒ අනුව අද දිනය තුල පමණක් කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික...


 ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා වන දැවැන්තම එන්නත්කරන වැඩ සටහන අද දිනය තුල දියත් වේ. ඒ අනුව අද දිනය තුල පමණක් කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ 57,000 ආසන්න ප්‍රමාණයකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදීමට නියමිතය.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන, හංවැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනූවන්ගොඩ, රාගම, ජාඇල සහ කැලණිය, මීරිගම, කටාන, දිවුලපිටිය, දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත් තෝරා ගත් ග්‍රාම සේවා නිලධාරී වසම්වල අවුරුදු 30-60 කාණ්ඩයේ සියලුම ජනතාවට මෙම එන්නත ලබාදීමට නියමිතය.

ඊයේ දින වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසී ය.

No comments

Ads Place