Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මගියෙක්ට 100 , 250, 500 බැගින් බස් රථ වලට දඩ…! බලපත්‍රයත් අහෝසියි…!

  මධ්‍යම පළාත තුල පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මගීන් පීඩාවට පත්වන පරිද්දෙන් මගී ප්‍රවාහන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ...


 මධ්‍යම පළාත තුල පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මගීන් පීඩාවට පත්වන පරිද්දෙන් මගී ප්‍රවාහන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙහිදී බස් ගාස්තු ද වැඩි කර සහණ සළසා ඇති අවස්ථාවක ජනතාව පීඩාවට පත් වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, ශ්‍රී.ලං.ගම සහ පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ඒකාබද්ධ ධාවන සැලසුමක් ඔස්සේ මගීන්ට සහ බස් හිමියන්ට පහසුවක් වන පරිද්දෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය පළාත් ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දීම සිදුවිය.

ඒ අනුව මෙහිදී පළාත් ප්‍රවාහන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී.ලං.ගම සහ පළාත් මගී ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ කර ගනිමින් කමිටුවක් සැකසීමටත්, දින 07ක කාලයක් තුලදී නිසි අධ්‍යයනයක් සිදුකර ඒකාබද්ධ සැලසුමක් සකස් කර ක්‍රියාවට නැංවීමට කටයුතු සිදුකරන ලෙස ආණ්ඩුකාරවරයා දැනුම් දීම සිදුවිය.

බස් රථ වල ගමන් කරන මගීන් දිගින් දිගටම අපහසුතාවයට පත්වීම සම්බන්ධයෙන් තමා වෙත පැමිණිලි රාශියක් ලද බවත් ඒ අනුව කඩිනම් මෙන්ම හදිසි අවශ්‍යතාවයක් ලෙස සළකා මෙම සාකච්ඡාව කැඳවු බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ අනුමත මගීන් ප්‍රමාණයට වඩා බස් රථ වල මගීන් ප්‍රවාහනය කිරීමේදී අවස්ථා 3ක් යටතේ කටයුතු කිරීම සදහා මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය කටයුතු කරමින් සිටින බවත්, ඒ අනුව පළමු අවස්ථාවේදී අනුමත ප්‍රමාණයට වැඩියෙන් ප්‍රවාහනය කරන එක් මගියෙකුට රුපියල් 100 වන පරිදිත් , දෙවන අවස්ථාවේදී අනුමත ප්‍රමාණයට වැඩියෙන් ප්‍රවාහනය කරන එක් මගියෙකුට රුපියල් 250 වන පරිදිත් , තෙවන අවස්ථාවේදී අනුමත ප්‍රමාණයට වැඩියෙන් ප්‍රවාහනය කරන එක් මගියෙකුට රුපියල් 500 වන පරිදිත් දඩ අය කිරීමටත් තෙවන අවස්ථාවේදී බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය විය.

පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එච්.එන්.ජයවික්‍රම, පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති හසිත දර්ශන විජේතිලක යන මහත්වරුන් ද එක් ව සිටියේය.

No comments

Ads Place