Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුක්රේන සංචාරකයන් අද දළදා මාළිගාව නැරඹීමට. “ජීව බුබුළු සංකල්පය”?

  සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, ධම්මිකා විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ; යුක්රේන සංචාරකයෝ අද පෙරවරු 11.00 සහ පස්වරු 1.3...

 


සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, ධම්මිකා විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ; යුක්රේන සංචාරකයෝ අද පෙරවරු 11.00 සහ පස්වරු 1.30 අතර කාලයේ දී, මහනුවර දළදා මාළිගාව නැරඹීම සදහා පැමිණීමට නියමිත බවත් මෙම කාල සීමාව තුල දේශීය බැතිමතුන් සදහා ද දළදා මාළිගාව විවෘතව පවතින් බවත්ය.

මාළිගාවට ඇතුළු වීම සදහා යුක්රේන සංචාරකයන් වෙනත් ප‍්‍රවේශ මාර්යක් භාවිතා කිරීමට නියමිත බවත් කෙසේ වෙතත් දළදා වහන්සේ වැඩ වාසය කරන උඩුමහළේදී, සංචාරකයන් සහ දේශීය බැතිමතුන් අතර මීටර් හතරක පරතරයක් පමණක් පවත්වා ගනු ඇති බවත් පැවසේ.

යුක්රේන සංචාරකයන් සම්බන්ධයෙන් “ජීව බුබුළු සංකල්පයක්” පිළිබඳව ප්‍රකාශ කළ ද මෙවැනි ක්‍රියාවලින් එම සංකල්පය හිල් වී යන බවක් පෙනී යයි.

lankaleadnews

No comments

Ads Place