Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තාත්තා කෙනෙක් නැති අපිට පණ වගේ ආදරය කරනවට ඔයාට මං හැමදාටම ණයයි – කාවින්ද්‍යා සමිතගේ සැමියා ගැන කිව්ව දේ

  කාවින්ද්‍යා අධිකාරි නව වසරට සුබ පතමින් ගෙවුණු වසර ගැන මතක ආවර්ජනය කරමින් අපූරු සටහනක් සිය මුහුණු පොතේ තබා තිබුණා. ඉතාමත් ආදරණීය සහ සංවේදී ...

 


කාවින්ද්‍යා අධිකාරි නව වසරට සුබ පතමින් ගෙවුණු වසර ගැන මතක ආවර්ජනය කරමින් අපූරු සටහනක් සිය මුහුණු පොතේ තබා තිබුණා. ඉතාමත් ආදරණීය සහ සංවේදී සටහනක් වූ එයට ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් සුබ පැතුම් එක්කර තිබුණා .


එම ෆේස්බුක් සටහන පහතින්


”කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බෑ…ඒත් මේ අවුරුද්දේ අන්තිම post එක විදිහට මේක දාන්න හිතුනා.මගෙ මුලු ජීවිතේම මම පවුල වෙනුන් කැප උන කෙනෙක්. හැමදාටම මගේ හුස්ම තියෙනකල් මම මගේ ඇස් දෙක වගේ තනියෙම කොහොමහරි අම්මා, මල්ලී බලාගන්නවා කියලා හිටපු මට 2020 අවුරුද්දේ උන විශේෂම දේ තමයි ඔයා අපේ ජීවිතේට ආව එක ළමයි දෙන්නෙක් එක්ක තනි උන ගැහැණියට ආදරේ දෙන්න, ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න හැම පිරිමියෙකුටම බෑ… ඒත් ඔයාගේ පොඩි වයසට ඔයා ඒක නොඅඩුව කරන කෙනෙක්. ඔයාට ඒ පිනම ඇති. මම හුඟාක් විශ්වාස කරන දෙයක් තමයි “හැමදේම වෙන්නේ හොඳට කියන එක”.මගෙ අම්මව අත ඇරලා දාලා ගිය හැමෝටම ස්තූතිවන්ත වෙනවා මොකද එයාලා එහෙම කරේ නැත්තම් ඔයාව අපිට ලැබෙන්නේ නෑ.මට වචන නෑ ජීවිතේ පළවෙනි වතාවට මගෙ හිතේ තියෙන හැඟීම් ලියන්න. තාත්තා කෙනෙක් ලඟ නැතුව මාවයි මල්ලිවයි පණ වගේ බලාගන්ත මගේ අම්ම ට පණ වගේ ආදරය කරන ඔයාට මං හැමදාටම ණයයි. ස්තූතියි මගේ පුංචි පවුලට මහමෙරක් තරම ආදරයක් දෙනවට.එහෙනම් 2020 සමුගන්න අවසර.ඔයාලා හැමෝටම බුදුසරණයි”



noizetv

No comments

Ads Place