Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා තරග සංචාරයට පැමිණි මොයින් අලීට කොරෝනා

 තරග සංචාරයක් සඳහා ඊයේ දිනයේදී මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගුවන් තො...


 තරග සංචාරයක් සඳහා ඊයේ දිනයේදී මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගුවන් තොටුපොලේදී සිදුකළ PCR පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා.


ඒ අනුව වෛරසය ආසාදනය වී ඇති මොයින් අලී දින 10 ක කාලයක් නිරෝධායන වීම සඳහා ගාල්ල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමට පියවර ගෙන ඇත. 


මේ අතර මොයීන් ගේ සමීප ආශ්‍රිතයෙක් ලෙස සැලකෙන වේග පන්දු යවන ක්‍රිස් වෝක්ස් ට ද ස්වයං නිරෝධායනය වන ලෙස දන්වා තිබේ.


මේ අතර එංගලන්ත කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු අනිද්දා ඇරඹීමට නියමිතව ඇති බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

No comments

Ads Place