Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ විපක්ෂය ජනතාවගේ දුකට පිහිටවෙන විපක්ෂයක් – සජබ විපක්ෂය ජනතාවට විසඳුම් ලබාදෙනවා

 විපක්ෂ නායකවරයා වශයෙන් තමන්ට නම් දුගී දුප්පත් ජනතාව මුහුණ දෙන සෑම ප‍්‍රශ්නයක්ම ජාතික ප‍්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පවසයි. ඔහු...


 විපක්ෂ නායකවරයා වශයෙන් තමන්ට නම් දුගී දුප්පත් ජනතාව මුහුණ දෙන සෑම ප‍්‍රශ්නයක්ම ජාතික ප‍්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පවසයි.


ඔහු  මේ බව පැවසුවේ මොණරාගල, බුත්තල, ඔක්කම්පිටිය ප‍්‍රදේශයේදී ඉකුත්(16)දා පැවති ”‍විපක්ෂ නායක ජංගම සේවය”‍ වැඩසටහනේ රැස්වීමක් අමතමිනි.


එහිදී අදහස් දැක්වූ ඔහු පවසයා සිටියේ  විපක්ෂ නායකවරයා කතා කළ යුත්තේ ජාතික ප‍්‍රශ්න ගැන පමණක් බවටත් ප‍්‍රාදේශීය ප‍්‍රශ්න කතා කිරීම සෙසු මන්ත‍්‍රීවරුන්ගේ වැඩක් බවටත් මතයක් සිය දේශපාලන ප‍්‍රතිවාදීන් විසින් පතුරුවන බවයි. නමුත් නතාව මුහුණ දෙන සෑම ප‍්‍රශ්නයක්ම ජාතික ප‍්‍රශ්නයක් බව හෙතෙම පෙන්වා දෙයි.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේද කීවේය.


බොහෝ දෙනා විපක්ෂය හඳුන්වන්නේ ආරවුල් ඇති කරන ගැටළු ඇති කරන පාර්ශ්වය හැටියට. ඒ අයට ඒ ආකල්පය ඇවිල්ලා තියෙන්නෙ විපක්ෂයක් සුපුරුදු ආකාරයට කරන්නේ විරුද්ධ වීම පමණයි කියන එකෙන්. නමුත් සමගි ජන බලවේගය කියන විපක්ෂයේ වෙනසක් තිබෙනවා.


රජය කරන වැරදි දේට අපි විරුද්ධ වෙනවා.අපි කුඩා විපක්ෂයක් වුණත් ඒ විරෝධයත් සංවිධානාත්මකව රටේම කරන්න තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගල අපි එලෙසම ක‍්‍රියාත්මක කරනවා. හැබැයි සජබ පිළිඅරන් තියෙනවා විපක්ෂයක් කියන්නෙ විරුද්ධ වීම පමණක්ම නෙවෙයි. විපක්ෂය කියන්නෙ ප‍්‍රශ්න ඇති කිරීමවත් අවුල් ඇතිකිරීමවත් නෙවෙයි. සජබ විපක්ෂය ජනතාවට විසඳුම් ලබාදෙනවා. ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න කරළියට ගෙන එනවා. ඒවා දේශපාලන න්‍යාය පත‍්‍රයේ ඉහළටම ගෙන එන්නට අපි කටයුතු කරනවා.


මේ විපක්ෂය ජනතාවගේ දුකට පිහිටවෙන විපක්ෂයක්. මේ විපක්ෂය හැමදේටම විරුද්ධ වෙන සුපුරුදු අලස විපක්ෂයේ ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කරන විපක්ෂයක් නෙවෙයි.


මං කියන්න කැමතියි, සමහරු මතයක් හදනවා විපක්ෂ නායකවරයා කතා කරන්න ඕනෙ ජාතික ප‍්‍රශ්න. අනිත් අය කතා කරන්න ඕනෙ ප‍්‍රාදේශීය ප‍්‍රශ්න කියලා. අපේ ප‍්‍රතිවාදීන් බොහෝ දෙනා ඒවා ගැන කතා හදනවා. නමුත් විපක්ෂ නායකවරයා හැටියට මට ජනතාවගේ හැම ප‍්‍රශ්නයක්ම ජාතික ප‍්‍රශ්නයක්. විපක්ෂ නායකයා ජාතික ප‍්‍රශ්න – ප‍්‍රාදේශීය ප‍්‍රශ්න කියලා වෙන් කරලා කොන් කරලා, වෙනත් අයට ප‍්‍රාදේශීය ප‍්‍රශ්න කරුණු කතා කරන්නටත් අපි විතරක් ජාතික කරුණු කතා කරන්නටත් එහෙම කරන්න අපි යන්නෙ නෑ.


මොකද ඇත්ත වශයෙන්ම මේ පොළවට පයගහලා බිමට බැස්සාම ගමට ගියාම, පුංචි පොල් අතු පැලට ගියාම, පොඩි මිනිස්සු ළඟට ගියාම ඒ දැවෙන ප‍්‍රශ්න, ඒ හදවතේ කැකෑරෙන දුක කඳුළ වේදනාව, ඒ මහා ජනතා අඳෝනාව ජාතික ප‍්‍රශ්නයක්. ඒ අඳෝනාව


ප‍්‍රාදේශීය ප‍්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ දුකට පත්වෙලා ඉන්න තමුන්නාන්සෙලාව සැපවත් කරන්නට සුවපත් කරන්නට සමගි ජන බලවේගයේ අපි කැපවෙලා කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී මම ප‍්‍රකාශ කරනවා

noizetv

No comments

Ads Place