Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් චෝදනා ගොනු කරයි

  අමෙරිකානු පුරවැසියන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 268 දෙනෙකුට මරු කැඳවමින්, තවත් පුද්ගලයින් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් 2019 වර්ෂයේ...

 


අමෙරිකානු පුරවැසියන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 268 දෙනෙකුට මරු කැඳවමින්, තවත් පුද්ගලයින් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා ශ්‍රී ලංකාවේ එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් " ශ්‍රී ලංකා ISIS සංවිධානය" නමින් හඳුන්වනු ලබන සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ගොනු කර තිබෙනවා.


මෙලෙස චෝදනා එල්ලවී තිබෙන සැකකරුවන් වන්නේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමෙඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන අයවළුන් වේ.


මොහොමඩ් නව්ෆර් ශ්‍රී ලංකා ISIS නම් ත්‍රස්ත සංවිධානයේ දෙවන එමීර්වරයා ලෙස හඳුන්වනු ලබනවා. මොහු විසින් පුද්ගලයින් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් පුහුණු කරවීම්, බඳවා ගැනීම් සහ මතවාදය පැතිරවීම ආදිය සිදුකොට තිබෙනවා.


මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් යන අය පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා යොදා ගත් පුපුරණ ද්‍රව්‍ය සකස් කිරිම සම්බන්ධයෙන් චෝදනා ලබා තිබෙනවා.


ඊට අමතරව අහමෙඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන තෙවන සැකකරු පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීම සහ ඔහු සතු ගිනි අවිය පැහැර ගැනීම, බුද්ධි තොරතුරු ලබදෙන පුද්ගලයෙකුට වෙඩි තැබීම සහ වෙනම ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ස්ථාන සොයා බැලීම යන චෝදනා එල්ලවී තිබේ.


ඊට අමතරව මෙම සැකකරුවන් තිදෙනාම විදේශ ත්‍රස්ත කණ්ඩායමකට සහය දැක්වීම, අමුද්‍රව්‍ය සැපයීම යන චෝදනා එල්ල කොට තිබෙන අතර නව්ෆර් සහ මිල්හාන් යන සැකකරුවන් IS ත්‍රස්ත පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව වෙන වෙනම චෝදනා නගා තිබෙනවා.


මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දිසා අධිකරණයේ නඩුවක් ගොනු කොට ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකාවේ FBI නිලධාරින් විසින් ශ්‍රී ලංකා බලධාරින් ගේ සහය ඇතිව සිදුකළ විමර්ෂණ අනුව මෙම චෝදනා නැගීම සිදුකොට ඇත.


මෙම ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරුණ බෝම්බකරුවන් 08 දෙනාටද කරුණු 09 ක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කොට තිබේ.


මධ්‍යම කැලිෆෝනියා හි නීතිඥ නීක් හැනා ප්‍රකාශ කලේ ලෝකයේ ඕනෑම ස්ථානයකදී අමෙරිකානු ජාතිකයින් ඉලක්ක කර ගනිමින් සිදුකරන ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ඊට එරෙහිව යුක්තිය ඉටුකරන බවට සහතික කිරිම තම රටේ ප්‍රධාන අරමුණ බවයි.


අමෙරිකාව තුල හෝ ඉන් පිටත රටකදී හෝ මෙම ප්‍රහාරයට සම්බන්ධ චෝදනා එල්ලවී තිබෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එමගින් ප්‍රහාරයෙන් විපතට පත්වූ සිය ගණනක් වූ පවුල්වල ඥාතින්ට එය අස්වැසිල්ලක් වනබවයි සිද්ධිය ගැන විමර්ෂණය කරනු ලබන FBI ලොස් ඇන්ජලිස් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රිස්ටි කේ. ජොන්සන් සඳහන් කර සිටින්නේ.

No comments

Ads Place