Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරකයින් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ : පැය 96 කට පෙර PCR පරීක්ෂණය අනිවාර්යයි

 විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ අනුමැති...


 විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ අනුමැතිය යටතේ නිකුත් කොට තිබෙනවා.


එම මාර්ගෝපදේශ අනුව මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් තමන් ගේ ගුවන් යානයට ගොඩ විමට පැය 96 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබීම අනිවාර්ය කොට ඇත.


මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළේ දී යලිත් වරක් PCR පරීක්ෂණයකට ලක්කෙරෙන අතර ඔවුන් සහතික කරන ලද හෝටලයක දින 14 ක කාලයක් නවාතැන් ගැනීමට ඔවුන්ට හැකිය.


මෙරටට පැමිණීමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වුවහොත් ඔවුන්ට ආරක්‍ෂිත බුබුලක් ලෙස වෙනත් හෝටල් කරා යෑමට අවසරය හිමිවේ. 


මෙම දින 14 කාල සිමාව තුලදී සංචාරකයින්ට හෝටල් පරිශ්‍රයන් තුලින් පිටතට යාමට අවසරය හිමි නොවේ. 


කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, සංචාරක මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබාදී ඇති සංචාරක කලාප 14 තුල පමණක් ආරක්‍ෂිත බුබුලක් ලෙස මෙම විදේශිකයින්ට සංචාරය කිරිමට අවසරය හිමිවන අතර ඒ ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා මත පදනම්වයි.


ගුවන් යානා වලින් පැමිණෙන සංචාරකයින් වෙනත් සංචාරකයින් සමග මිශ්‍ර විමට ඉඩ නොදීමට අදාළ සංචාරකයින් රැගෙන එනු ලබන සමාගම් විසින් කටයුතු කළ යුතුව ඇති අතර ඔවුන්ගේ නවාතැන් ගන්නා හෝටල්, ප්‍රවාහන පහසුකම් ආදිය සැපයීමද මෙම ක්‍රමවේදය අනුව සිදුකළ යුතුය.


ඊට අමතරව සංචාරක මණ්ඩලය විසින් විදෙස් සංචාරකයින් නවාතැන් ගන්නා හෝටල් ඊට සුදුසු ද යන්න සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරිම සිදුකළ යුතුවේ.

No comments

Ads Place