Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මළ ගෙදරට ආ කොරෝනා රෝගියා මිය යයි… 40 ක් නිරෝධායනයට..

  බලන්ගොඩ කිවුල වෙල ප්‍රදේශයේ තිබුණ මළ ගෙදරකට පැමිණි පුද්ගලයකුට කොරෝනා වෛරස අාසාදනය මිය යැමෙි සිද්ධියක් හේතුවෙන් බලන්ගොඩ රාස්සගල මාර්ගයේ කිව...

 


බලන්ගොඩ කිවුල වෙල ප්‍රදේශයේ තිබුණ මළ ගෙදරකට පැමිණි පුද්ගලයකුට කොරෝනා වෛරස අාසාදනය මිය යැමෙි සිද්ධියක් හේතුවෙන් බලන්ගොඩ රාස්සගල මාර්ගයේ කිවුල වෙල ප්‍රදේශයේ පවුල් 10 සාමාජිකයින් 40 දෙනෙකු අද (03) ස්වයං නිරෝධායනයට යොමු කල බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර පළමු පටු මගේ, ගොළුවාවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකුය. මොහු පසුගිය 29 වැනිදා බලන්ගොඩ රාස්සගල මාර්ගයේ කිවුල වෙල ප්‍රදේශයේ තිබු මළ ගෙදරකට පැමිණි ආපසු රත්නපුර ප්‍රදේශයට ගෙස් ඇත. පසුව ඉකුත් 30 වැනිදා නතර වි සිටින නේවාසිකාගාරයේ තවත් පරිසක් සමග පාටියක් දමා ඇත. ඔහු එහිදී ලිස්සා වැටිම හේතුවෙන් නහරක් පුපුරා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී රත්නපුර ශික්ෂණය රෝහලේදී සිදු කල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු වි ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පැවැසුහ. ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා හෝමාගම රෝහල වෙත මාරැ කර යැවිමෙන් පසු (02) දා රාත්‍රියේ මියගොස් ඇත.

මෙි අතර අද (03) දා බලන්ගොඩ නගරයේ පවත්වාගෙන ගිය ඉරිදා සතිපොළට පැමිණි බලන්ගොඩ කිවුල වෙල ප්‍රදේශයේ එළවළු වෙලෙන්දන් 40 දෙනෙකු පමණ ආපසු නිවෙස් වලට හරවා යැවිමට කටයුතු කලබව බලන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමණ විමලසේන මහතා පැවැසීය.

No comments

Ads Place