Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පකිස්තානය ලන්ඩන් සමාගමකට ඩොලර් මිලියන 29 ක් වන්දි ගෙවයි

  පකිස්තානය , ලන්ඩනය කේන්ද්‍ර කරගත් බ්‍රෝඩ්ෂීට් එල්එල්සී නම් සමාගමට ඩොලර් මිලියන 29 ක වන්දි මුදලක් ගෙවා තිබේ. ඒ දශක දෙකකට පෙර ඇති කරගත් එකගත...

 


පකිස්තානය , ලන්ඩනය කේන්ද්‍ර කරගත් බ්‍රෝඩ්ෂීට් එල්එල්සී නම් සමාගමට ඩොලර් මිලියන 29 ක වන්දි මුදලක් ගෙවා තිබේ.


ඒ දශක දෙකකට පෙර ඇති කරගත් එකගතාවයක් කඩකිරීමට එරෙහිව අදාළ සමාගම  ලන්ඩන් මහාධිකරණය හමුවේ පවරා තිබූ  නඩුවක  තීන්දුවකට අනුවය.


කෙසේවෙතත්,  අදාළ පැමිණිළිකාර  සමාගම නඩු ගාස්තු සහ පොලිය වශයෙන් තවත් ඩොලර් මිලියන තුනක මුදලක් ලබා⁣දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති බව සදහන් වේ.


වැරදි නීතිඥ උපදෙස් හේතුවෙන් මෙම නඩුව සමථයකට පත්කරගැනීමට තිබූ අවස්ථාව පකිස්තානය අහිමි කරගත් බවත්, මෙම වන්දි මුදලට අමතරව ඩොලර් මිලියන 20ක නීතිඥ ගාස්තුවක් ගෙවීමට එරටට සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

No comments

Ads Place