Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවම වැටුප සියයට 25කින් ඉහළට – පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය

  සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව කැබිනට් ...

 


සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.


ඔහු මේබව පැවසූවේ අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.


මීට අමතරව තවත් පනත් කිහිපයක් සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමුකර තිබේ.


ඒ අනුව, එම අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, එකී පනත් සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.


සංශෝධනය වන පනත් පහතින් දැක්වේ.


ආගාමික හා විගාමික පනත (දැනට ක්‍රියාත්මකව පවතින 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත සහ ඊට අදාළ සංශෝධන පරිච්ඡින්න කර අලුතින් පනතක් හඳුන්වා දීම)


2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත සහ 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත


2016 අංක 3 දරන සේවකයින්ගේ අවම වේතනය පනත


1999 අංක 46 දරන ප්‍රජාපාදක විශෝධන පනත


දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය (බාල වයස්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට අදාළ විධිවිධාන)

noizetv

No comments

Ads Place