Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

  එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට ප...

 


එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 184.12 ක් සහ විකුණුම් මිල රු. 189.18 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මෙය පසුගිය දෙසැම්බර් 16 වන දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අවම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.

පසුගිය සතියේ දෙසැම්බර් 24 දින වන විට ඩොලරයක ගැනුම් මිල රු. 189.08 ක් හා විකුණුම් මිල රු. 194.66 ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි උච්ඡාවචනයන් පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබන බව අවධාරණය කර සිටියේය.

No comments

Ads Place