Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

භූමදානයද? ආදාහනයද? අධිකරණ ඇමති කරුණු පහදයි

කොරෝනා මරණ භූමදානය කරනවාද, ආදාහනය කරනවාද යන්න සම්බන්ධයෙන් විද්වත් කමිටුවේ නිර්දේශයට පරිභාහිරව කිසිඳු තීරණයක් නොගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධි...


කොරෝනා මරණ භූමදානය කරනවාද, ආදාහනය කරනවාද යන්න සම්බන්ධයෙන් විද්වත් කමිටුවේ නිර්දේශයට පරිභාහිරව කිසිඳු තීරණයක් නොගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය බලධාරීන්ගේ හා සෞඛ්‍ය විද්වතුන්ගේ නිර්දේශ මත පදනම්ව ඉදිරි කටයුතු සිදුකිරීමට ආණ්ඩුව සූදානම් බවයි. 


කොරෝනා මරණ භූමදානය නොකරන ලෙසට බලකරමින් ඉකුත් දින කිහිපයේම මහා සංඝරත්නය ඇතුළු පාර්ශව දැඩිලෙස අදහස් පළකළා. අනෙක් පසින් මුස්ලිම් ජනතාව ප‍්‍රදේශ රැුසකදී විරෝධතාවල නිරත වූයේ කොරෝනා මරණ ආදාහනයට එරෙහිවයි. පවතින තත්ත්වය හමුවේ කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින් සම්බන්ධයෙන් මේවනවිට ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි නෙත් නිවුස් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අල් සබ්රිගෙන් විමසීමක් කළා. 


මේ අතර ජනාධිපති නීතීඥ අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට ඊයේ දිනයේ වාර්තා පළවුණා. කොරෝනා මරණ සම්බන්ධයෙන් මීටපෙර ගත් ආදාහනය කිරීමට අදාළ තීරණය වෙනස් නොවීම මත එල්ල වූ බලපෑම් ඊට හේතුව ලෙසටයි එම වාර්තාවල දැක්වුණේ. 


මෙම වාර්තා සම්බන්ධයෙන් ද නෙත් නිවුස් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගෙන් විමසීමක් කළා. 



මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව මේවනවිටත් එම වාර්තාව සකස් කර අවසන් බවටයි වාර්තා පළ වන්නේ. එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට ද භාරදී ඇතැයි සඳහන්.


කෙසේවෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ අවධාරණය කළේ කොරෝනා ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීමේ පවතින නීතියේ කිසිඳු වෙනසක් මෙතෙක් සිදුව නොමැති බවයි. 

No comments

Ads Place